Colombo Today Local News

දකුණු කොරියාවත් COVID අනතුරේ… ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුවත් කිරීමක් !

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රි ලාංකිකයින් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි. 
 
 දෛනිකව වාර්තාවන නව කොරෝනා වෛරස ආසාදිතයින් දකුණු කොරියාවේ සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් පවතින බවත් , පෙරේදා (20) දිනයේදී  පමණක් නව ආසාදිතයින් 52 දෙනෙකු හදුනා ගැනීමත් සමග මෙම ආරක්ෂක පියවර සම්බන්ධයෙන් ලාංකිකයින් දැනුවත් කිරිමට තීරණය කළේ යැයිද  දකුණු කොරියාවේ පිහිටි ශ්‍රි ලංකා තානාපති  කාර්යාලයේ කම්කරු සුබසාධන උපදේශක සෙනරත් යාපා මහතා පැවසීය.

මේ වනවිට රැකියා සඳහා මෙන්ම සංචාරයන් සඳහා පැමිණි 25,000ක පමණ ශ්‍රි ලාංකිකයින් පිරිසක් දකුණු කොරියාවේ රැඳී සිටින බවද එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
 
ඒ අනුව වෛරස ව්‍යාප්තියේ අවදානම පිලිබඳ ශ්‍රි ලාංකිකයින් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද ශ්‍රි ලංකා තානාපති  කාර්යාලයේ කම්කරු සුබසාධන උපදේශකවරයා වැඩිදුරටත් කීය.
 
වෛරස ව්‍යාප්තියේ වැඩි අවදානමක් පවතින එරට ඩේගු සහ චිඔන්ග්ඩෝ නගර විශේෂිත ප්‍රදේශ ලෙස නම් කිරීමටද දකුණු කොරියානු බළධාරීන් පියවර ගෙන ඇත. මෙම වෛරස ආසාදිතයින් සැලකිය යුතු මට්ටමින් ඉහළ යාම හේතුවෙන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද දකුණු කොරියානු රජය පියවර ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
 
මේ වනවිට එරටින් ආසාදිතයින් 156 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පෙරේදා (20) දිනයේ කොරෝනා ආසාදිත පළමු මරණය ද වාර්තා වී තිබුණි.

Related posts

ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට ඉදිරිපත් වන්නැයි, එ.ජා.ස. ජාත්‍යන්තරයෙන් ඉල්ලයි

colombotoday

ආණ්ඩුව, ඇමතිලා පිස්සු නැටුවා.. භික්ෂූන් වහන්සේ, ජනමාධ්‍ය, සිවිල් සංවිධාන නොහිටින්න ජනතාව මරු කටේ

colombotoday

විදුලි ගාස්තු සංශෝධනය උවමනාවෙන්ම කල් ඇරලා?

Admin

කොරෝනා පාලනය කරන්න රටම නොහැකි නම් පළාත් වශයෙන් ලොක්ඩවුන් කරන්න

colombotoday

ඩොලර් නැතිව මුදාගැනීමට නොහැකි අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 900 ක් වාරයේ

colombotoday

සෞඛ්‍ය රීතීන් උල්ලංඝනය කරන පොදු ප්‍රවාහන හා කුලී රථ සොයා විශේෂ මෙහෙයුමක්

colombotoday