Colombo Today Local News

තෙල් මිල සූත්‍රයට සමගාමීව බස් ගාස්තු මිල සූත්‍රයකුත් එයි…

ඉන්ධන මිල සූත්‍රයට සමගාමීව බස් ගාස්තු සංශෝධනය වන අයුරින් යම් ක්‍රමවේදයක් සකස් විය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

අපේක්ෂිත බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත රජයෙන් විසදුමක් අපේක්ෂා කරන බව ඔහු පවසා සිටියි.

මේ අතර තවත් මාධ්‍ය හමුවකදී අන්තර් පළාත් බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පැවසුවේ මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල වෙනස් කිරීම මසකට වරක් සිදු නොකළ යුතු බවයි.

එමෙන්ම ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසන්නේ බස් ගාස්තු ඉහළ දමන්නේ නම් එය සියයට 4කින් පමණක් සිදුවිය යුතු බවයි.

Related posts

අන්තර්වාර රජයකත් අගමැති මම. එකාට එකා නැතිව අන්තර්වාර රජයක් පිහිටුවන්නේ කොහොමද?

colombotoday

ග්‍රාම නිලධාරීන් අදයි හෙටයි ලෙඩ වෙයි

Admin

සිම්කාඩ් පත් 50ක් තබාගෙන මත්ද්‍රව්‍ ජාවාරම්කරු නිලධාරීන් සමග සම්බන්ධතා පවත්වාගෙන ගිහින්

colombotoday

අත්හිටවූ බස්නාහිර පළාත් වාර පරීක්ෂණ යළි පැවැත්වීමට නියමිතව ඇත

Admin

පරෙවි දූපතේ තාවකාලික පාලම ජනතා අයිතියට.

colombotoday

රනිල් සමග වැඩ කරන්න බැරිනම් ජනපති ඉල්ලා අස්විය යුතුයි…

colombotoday