ජාතික තවුහිත් ජමාත් සංවිධානයෙන් සමාජිකයෙකු බවට සැකකරන පාර්ලිමේන්තු සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, කුරුණෑගල ප්රදේශයේ කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගත් බවයි.
මොහු සමග තවත් සැකකරුවන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය ප්රකාශ කළේ, සැකකරුවන් රඳවා තබා ගෙන ප්රශ්න කරන බවයි.