තවත් ගල් අඟුරු බලාගාරයක් මෙරට ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ පිළිබදව යෝජනාවක් පමණක් මේ වන විට ඉදිරිපත් වී ඇති බවය.
හම්බන්තොට ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පල කළේය.