Colombo Today Local News

තණමල්විල පුද්ගල ඝාතනයක්

තණමල්විල පොලිස් වසමේ ඌව කුඩාඔය ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙක් ඝාතනයට ලක්ව තිබේ.

ඊයේ (22)දින රාත්‍රී 7.30ට පමණ එහිදී පුද්ගලයෙකුට පොල්ලකින් පහරදීමක් සිදුව ඇති අතර, 119 ලද තොරතුරක් මත තණමල්විල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පසුව ජංගම සංචාර සඳහා යොදවා සිටි නිලධාරීන් විසින් තණමල්විල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වන ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මෘත ශරීරය සම්බන්ධව මුලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (23)දින සිදුකිරීමට නියමිතය.

සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

කළු දිලීර රෝගයටත් වඩා කොරෝනා ආසාදිතයින් අතරින් මතුවන දිලීර රෝගක්

colombotoday

විජයග්‍රහණයේ සැමරුම වෙනුවට ‘සංහිඳියා සංග්‍රාම ශක්ති’ අද රෑ වේදිකාගතවෙයි !

colombotoday

මාරපන, ගිය නිසා ඇමතිකම සාගලට දෙයි?

colombotoday

සයිටම් දෙමාපිය සංගමය අද ජනපති හමුවෙයි

colombotoday

මද්‍රසා පාසලක ගෙල වැලලාගෙන සිටි දරුවා එල්ලිලා මැරුණාද ? මරලා එල්ලුවාද ?

Admin

මහ බැංකුවේ තවත් බැදුම්කර නිකුතුවක් ගැන සැකයක් !

colombotoday