Colombo Today Local News

ටෙලෝ කොන්දේසි පිළිගන්න බැහැ: පක්‍ෂයෙන් ඉවත්ව ස්වාධීන වෙනවා…. ශිවාජිලිංගම් කියයි

ටෙලෝ පක්ෂය වරින් වර තමන්ට ඉදිරිපත් කරන කොන්දේසි පිළිගැනීමට තමන් සූදානම් නොමැති නිසා පක්ෂයෙන් ඉවත් වී ස්වාධීන පුද්ගලයකු හැටියට දේශපාලනයේ නිරත වන බව ජනාධිපති ධුර අපේක්ෂක එම්. කේ. ශිවාජිලිංගම් මහතා පැවසීය.

 යාපනයේ වැල්වෙට්ටිතුරෙයි ප‍්‍රදේශයේ පිහිටි සිය කාර්යාලයේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ යාපනයේදී ටෙලෝ සංවිධානයේ ලේකම්වරයා හමුවී ටෙලෝ පක්ෂයෙන් තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු වෙත භාර දෙන බවයි.

 තමන් දේශපාලනයට පිවිසියේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමට මිස මුදල් හම්බ කිරීමට නොවන බව කී ශිවාජිලිංගම් හිටපු මන්ත‍්‍රීවරයා ජනතාවට සේවය කිරීමට පක්ෂයක් අවශ්‍යම නැති බවද සඳහන් කළේය.

 මේ වන විට උතුරු නගෙනහිර දෙමළ වැසියන් වෙනුවෙන් කතා කිරීමට කිසිම ජනාධිපති අපේක්ෂකයකු නොමැති නිසා ඉදිරි දිනවලදී තමන් ඒ කටයුත්ත ආරම්භ කරන බවද ඔහු පැවසීය.

 දෙමළ ජාතිකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සියලූම දෙමළ දේශපාලන පක්ෂ සතුටු විය යුතු නමුත් ඔවුන් සියලූ දෙනාම දැන් තමන්ගේ කකුලෙන් අදින බවද ශිවාජිලිංගම් මහතා පැවසීය.

 ඔවුන් එසේ කරන්නේ දේශපාලනය මුවාවෙන් සල්ලි හම්බ කිරීම හා විවිධ තනතුරු ලබා ගැනීමට යෑමේදී තමන්ගේ දේශපාලන ක‍්‍රියාවන් ඔවුන්ට විශාල බාධාවක් වීම නිසා යැයි ද ශිවාජිලිංගම් මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

දකුණේ ධීවරයන්ට උතුරට එන්න මින්පසු ඉඩ දෙන්නෑ.. ද්‍රවිඩ සන්ධානයෙන් තර්ජණ

colombotoday

තුවාල ලබා මිය ගිය කාන්තාවක් හඳුනා ගන්න පොලීසිය මහජන සහාය පතයි

Admin

2020 දී විධායක අගමැති මෛත්‍රී?

colombotoday

ඩීසල් ලීටර් 19,000ක් සමග 4ක් අත්අඩංගුවේ

colombotoday

හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් ලංකාවට චෝදනා

colombotoday

උතුරු-නැගෙනහිර සදහා “සංහිදියාවේ නාලිකාවට” කැබිනට් අනුමැතිය !

colombotoday