Colombo Today Local News

ඥානසාර හිමිගේ සාක්ෂි පටිගතකළ උලමා ඉල්ලා අස්වෙයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන අවස්ථාවේ එය ජංගම දුරකථනයකින් පටිගතකළ මව්ලවිවරයා සමස්ථ ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සහකාර මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ඔහු කළ ඉල්ලීම පිළිගත් බව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව නිවේදනය කළේය.

නිතීඥවරයෙකු මාර්ගයෙන් ජංගම දුරකථනයක් රැගෙන ගොස් ඥානසාර හිමිගේ සාක්ෂි රහසිගතව පටිගතකිරීමේ දී අදාළ මව්ලවිවරයා පොලිස් බාරයට ගෙන තිබුණි.

එම්.එම්.එම්.මුර්ෂිද් නමැති එම මව්ලවිවරයා සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

Related posts

අයින් කළේ නෑලු අයින් වුණා ලු

Admin

වාර්තාව කණපිට හැරෙයි.. ෆේස්බුක් මිතුරෝ බුරුතු පිටින් ජනපති හැර යයි !

colombotoday

ඩ්‍රෝනයෙන් ගුවන්තොටුපොළ වීඩියෝ කළ විදේශිකයින් 4ක් අත්අඩංගුවට

colombotoday

සාමාන්‍ය පෙළ අටළුගමදී. උසස් පෙළ හින්දු විද්‍යාලයේ. Esoft එකේ HND කරලා. | නවසීලන්ත ප්‍රහාරකයා ගැන සුවිශේෂී තොරතුරු මෙන්න

colombotoday

දේශපාලකයින් බරපතළ ලෙස අපයෝජනයට ලක් කළේ පොලීසිය

Admin

මාධ්‍යවලට වල්බූරු නිදහස් දීමට සූදානම් නෑ.. ළගදීම පනතක් ගේනවා – මහින්ද සමරසිංහ

colombotoday