Colombo Today Local News

ඥානසාර හිමිගෙන් වන්දි ඉල්ලා බදුර්දීන් දැමූ නඩුව කල් යයි

විල්පත්තු වන විනාශය හෙළි කිරීම හේතුවෙන් තමාගේ කිර්ති නාමයට හානි වූ බව පවසමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීයපණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගෙන් වන්දි ඉල්ලා ගොනු කර ඇති නඩුව නැවත කැඳවීම සඳහා ජූලි 29 දක්වා කල් තිබීමට කොළඹ දිස්ත්‍රික් අධිකරණය විසින් අද (20) නියෝග කර සිටියා. ඒ අද එම නඩුව නැවත කැඳවූ අවස්ථාවේදීයි.

පැමිණිලිකාර රිෂාඩ් බදුර්දීන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ හිස්බුල්ලා, පැමිණිලිකරු වෙනුවෙන් ඉදිරිපත් වන ජනාධිපති නීතිඥ නවීන් මාරපනට අද ඉදිරිපත් වීමට අපහසු බැවින් වෙනත් දිනයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටියා.

විත්තිකාර පුජ්‍ය ගලගොඩ ඥානසාර හිමි වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ හේමක සේනානායක, නීතිඥ සංජය මාරඹේ සහ නීතිඥ මනෝහර සිල්වා යන මහත්වරු පෙනී සිටින ලදි.

Related posts

USAID වෙතින් අඩු ආදායම්ලාභී ගොවින්ට දීමනාවක්

Admin

යු ටියුබ් වෙත ඩොලර් මිලියන 170 ක දඩයක්

colombotoday

ත්‍රස්තවාදියා හ රණවිරුවා සමාන කරන පනතක් පාර්ලිමේන්තුවේ.. රණවිරු දීමනා මිය ගිය කොටින්ටත් !

colombotoday

නිවසක බිත්තියක් කඩාවැටී දරුවකු මිය යයි

colombotoday

හෙද වෘත්තීය සමිති වර්ජනයක

colombotoday

පාස්කු ප්‍රහාරය එල්ල කලේ ISIS නොවේ, අදෘෂ්‍යමාන බලවේගයක් – රවුෆ් හකීම්

colombotoday