Colombo Today Local News

“ජිනීවා ගිහින් රජයේ හමුදාව පාවා දුන් සන්ධ්‍ය එක්නැලිගොඩ තවමත් නිදැල්ලේ.. කෝ නීතිය” – මේජර් අජිත් ප්‍රසන්න

12596102_1228790757148982_1466292105_n

ශ්‍රී ලංකා යුධ හමුදාව රසායනික අවි භාවිතා කර දෙමළ ජන සංහරයක් සිදු කළැයි ජීනීවා නුවරට ගොස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට සාවද්‍ය ප්‍රකාශ කරමින් රජයට එරෙහිව රාජයද්‍රෝහී කටයුතු කළ සන්ධ්‍යා එක්නැලිගොඩව තවමත් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා විමසනවා. ඔහු මේ බව පැවසූවේ කොටි සංවිධානයේ ඔත්තුකරුවෙකු ලෙස කටයුතු කළ බව මේ වනවිට තහවුරු වී ඇති අප්‍රකට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ හෝමාගම මහෙස්ත්‍රාත් උසාවියේදී විභගයට ගත් අවස්ථාවේය.

ශ්‍රී ලංකා රජයේ හමුදා රසායනික අවි භාවිතා කරමින් දෙමළ ජන සංහාරයක් සිදුකළ බවට ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩ පසුගිය අගොස්තුවේ ජිනීවා නුවරට ගොස් මානව හිමිකම් කොමිසම හමුවේ චෝදනා කර තිබුණු අතර ඇය ජිනීවා වෙත කැදවාගෙන ගොස් තිබුණේ රාජ්‍ය නොවන සංවිධානයක් විසිනි. නමුත් එම චෝදනා සාවද්‍ය බවට මේ වනවිටත් හෙළිව ඇත.

මේ අතර අදාළ නඩු විභාගය අවස්ථාවට පැමිණි රාවණා බලය සංවිධානයේ සභාපති පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ අතර උන් වහන්සේ සදහන් බුද්ධි අංශ පාවා දෙත්දී ඒ පිළිබදව වගේ වගක් නැති ජනාධිපතිවරයා තනපටයක් ගැන කියවමින් සිටින බවයි.

[mom_video type=”youtube” id=”dM-A2Sjd2Xo”]


 

එක්නැලිගොඩ බිරියගේ බොරු අතේ පත්තුවෙයි.. ශ්‍රී ලංකා හමුදාව රසායනික අවි භාවිතා නොකළ බව සනාථයි

Related posts

දහම් පාසල් විෂයමාලාව සංශෝධනයට සැලසුම්

Admin

අඩු ආදායම්ලාභී ලක්ෂයකට පුහුණුවෙන් පසු ඔක් 01 සිට රජයේ රැකියා !

colombotoday

ශ්‍රී ලංකාව ප්‍රධාන කැපවීමක් සම්පූර්ණ කිරීමට අපොහොසත් – ‘අයි.එම්.එෆ්. මීටරය’ ප්‍රගතිය ගැන මීටරෙන්

Admin

තවත් මෙගා ඩීල් එළියට.. ඇමති කබීර් හෂීම්ගේ සභාපතිගේ නමත් පැනමා පත්‍රිකාවලින් එළියට එයි

colombotoday

ජනපති සර්වපාක්ෂික සමුළුවක් කැදවයි…

colombotoday

මර්ධනීය ඉතිහාසයක් තියෙන නායකයෙක් අද සිහසුන හොබවනවා

colombotoday