‘ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව රටට හානි වන කිසිවක් සිදු වන්න ඉඩ නොදෙන එක. ඉතා ඉක්මනින් රටේ මේ තත්ත්වය යථා තත්ත්වයට පත් කරලා රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙළ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා. ජාත්‍යන්තරයට ඕන විදියට නටන්න සූදානම් වෙන්නේ නැතිව ජාත්‍යන්තරයත් කළමනාකරණය කර ගනිමින් මේ රට ආසියාවේ දියුණු රටක් බවට පත්කිරීම සඳහා පැවැරී ඇති වගකීම ජනාධිපතිතුමත් අපිත් භාරගන්න සූදානම් යැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගිය 24 වැනිදා අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවැති උත්සවයක් සඳහා සහභාගි වෙමිනි.