Colombo Today Local News

ජර්මානු රජයෙන් ලංකාවට යුරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර

යුරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ජර්මානු රජය සමඟ පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුමකට අද දින එළඹෙන ලදී.

වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය – යුරෝ මිලියන 7 ක්

තරුණ පරපුර සඳහා ඉල්ලුම මත පදනම්ව වෘත්තීය පුහුණුව ලබාදීමට මෙම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තුවේ.

සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘතිය – යුරෝ මිලියන 3.5 ක්

ශ්‍රී ලංකාවේ සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්හට ගෝලීය වෙළඳපළ තුළ ඇති තරඟකාරීත්වය වැඩිකිරීම සඳහා පහසුකම් සැලසීම මෙම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තුවේ.

අධ්‍යනය හා විශේෂඥ අරමුදල – යුරෝ මිලියන 0.5 ක්

නව ව්‍යාපෘති සැකසීමේදී අවශ්‍ය අධ්‍යයනයන් සිදු කිරීමටත්, කුඩා පරිමාණයේ ව්‍යාපෘති මූලනය කිරීමටත්, ජර්මානු විශේෂඥයන්ගේ සේවා ලබා ගැනීමටත් මෙම අරමුදල භාවිතා කෙරේ.

ඉහත ව්‍යාපෘතීන් ජර්මානු රජයේ GIZ ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

වෘත්තීය පුහුණු සහ සුලු හා මධ්‍ය පරිමාණ අංශයන් වල සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය විසින් දරණ ප්‍රයත්නයන්ට විවිධාකාරයේ මැදිහත් වීම් මඟින් තාක්ෂණික හා ප්‍රදාන අධාර සහයෝගීතාවයන් ලබා දෙමින් ජර්මානු රජය අනුග්‍රහය දක්වමින් සිටී.

උත්ක ප්‍රධාන වලට අදාල ගිවිසුම අත්සන් කිරීම අද දින මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේදී සිදු කරන ලදී.

එම අමාත්‍යාංශයේ ලේකම්, එස්.ආර්. ආටිගල මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙනුත්, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ජෝන් රෝඩ් මහතා ජර්මානු රජය වෙනුවෙනුත් එම ගිවිසුමට අත්සන් තබන ලදී.

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර මහතා සහ GIZ ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටීන් ඉයන්ෆල්ඩ් මහත්මියද මෙම අවස්ථාවට සහභාගී විය.

Related posts

පාර්ලිමේන්තුවේ ආරක්ෂක රැකවල් තර කරයි

colombotoday

කොළඹ – නුවර ගමනාගමනයට විකල්ප මාර්ග

colombotoday

මහජන සේවයේදී පොතේ නීතියට උඩින් යාම වරදක් නොවේ – ලලිත් වීරතුංග

colombotoday

අද කොවිඩ් එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

අවි ගබඩාවේ ආරක්ෂාව දුර්වල කරේ කාගේ උවමනාවටද?

colombotoday

පානිය ජල බෝතල් සඳහා බලපාන අලුත්ම නීති මෙන්න.

colombotoday