Colombo Today Local News

ජනාධිපති ඇතුළු කිහිපදෙනෙක් ඝාතනය කරන බවට බූස්සේ සිර කර සිටින පාතාල කෙරුමන් දන්වයි

ජනාධිපති හෝ ආරක්‍ෂත ලේකම් තමනට ලොකු නැති බවත් ජනාධිපති ඉන්නේ අවුරුදු පහක් පහක් බවත් තමන් හිර කලාට වැඩක් නැති බවත් බන්ධනාගාර ලොක්කන් ද මරා දමන බවත් දැනට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ කළ සාමාජිකයෙක් වන කොස්ගොඩ තාරක ඇතුළු පිරිසක් බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කර ඇත.

මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් දැනට පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.

බන්ධනාගාර කොමසාරිස්වරුන් තිදෙනෙකුට මෙම ප්‍රකාශය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය ට කර ඇති පැමිණිල්ලකට අනුව අදාළ විමර්ශනය රහස් පොලිසිය විසින් ආරම්භ කර තිබේ.

කොස්ගොඩ තාරක ඇතුළු රැඳවියන් පිරිසක් බන්ධනාගාරය තුළ ආරම්භ කර තිබූ ආහාර වර්ජනය සම්බන්ධයෙන් සොයා බැලීමට ඉහත බන්ධනාගාර කොමසාරිස් තිදෙනා බූස්ස බන්ධනාගාරයට ගිය අවස්ථාවේ ඔවුන් විසින් මෙම ප්‍රකාශය කර තිබේ.

‘අපි ළඟ ඕන තරම් ආයුධ තියෙනවා. අපිව හිර කලාට වැඩක් නෑ. මගේ මිනිස්සු ඕන තරම් එලියේ ඉන්නවා. ජනාධිපතිට සෙල්ලම් දාන පුළුවන් අවුරුදු පහයිනේ. අපි මෙතන හිර කරා කියලා වැඩක් නැහැ. එළියෙ යකඩ ඔක්කොම ක්‍රියාත්මකයි. ජනාධිපතිටත් ආරක්ෂක ලේකම්ටත් එච්චරයි. උඹලටත් එච්චරයි. උඹලා බාවනවා’ යනුවෙන් පොඩි ලැසී නැමැත්තා ප්‍රකාශ කළ බව බන්ධනාගාරය කර ඇති පැමිණිලි සඳහන් වී තිබේ.

Related posts

කොවිඩ් අවදානම මැද මෙවර උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයි

colombotoday

මහර ගැටුම : රැඳවියන්ගේ සිරුරු ආදාහනයට නියෝග

colombotoday

මැතිවරණයෙන් පසු ඒකාබද්ධ විපක්ෂය නටඹුන් වෙනවා – වීරකුමාර දිසානායක

colombotoday

ජනපතිට ඡාත්‍යන්තර සම්මානයක්

colombotoday

යුද්ධයෙන් මියගිය කතා නවතා ගංවතුරින් විපතට පත් ජනතාවට පිහිට වෙන්න යුද හමුදාපති ඩයස්පෝරාවට කියයි

colombotoday

දෑත් බැද මොට ආයුධයකින් පහරදී කුවේට්හිදී ලාංකික මවක් ඝාතනයට ලක්වේ

colombotoday