Colombo Today Local News

ජනවාරියේ ඩොලර් මිලියන 1000ක ණය නොගෙව්වොත් ලංකාව බ්ලැක් ලිස්ට් !

ලබන ජනවාරි මාසයේ මුල් සති දෙක ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන දහසක (රුපියල් කෝටි දාහත්දාස් හත්සියක මුදලක්) ණය මුදලක් එකවර ගෙවීමට සිදුවී ඇති අතර එම මුදල එකවර නොගෙව්වොත් රටට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ආර්ථික විශේෂඥයෝ කියා සිටිති.

හිටපු නියෝජ්‍ය මුදල් ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මහින්ද රාජපක්ෂ රජය කාලයේ ලබාගත් ස්වෛරී බැඳුම්කර සඳහා මෙම ණය මුදල ගෙවීමට සිදුව ඇති බවයි.

මෙම ණය මුදල ගෙවීමට නොහැකි වූවොත් ණය දෙන සියලු ආයතන අපේ රට අසාදු ලේඛනගත රටක් වශයෙන් සලකනු ඇතැයි ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.

ණය මුදල ගෙවීම සඳහා කිසිදු සැලැස්මක් මෙතෙක් ක්‍රියාත්මක නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.

Related posts

අත්අඩංගුවට පත් නීතිඥ්ඥ හිජාස් හිස්බුල්ලා ඥානසාර හිමිට විරුද්ධව තොග පිටින් නඩු දැමූවෙක්.

colombotoday

යාපනයේ හින්දු කෝවිලක් හා දේව රූප කඩා විනාශ කරයි

colombotoday

අයිස් ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 100ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Admin

රාජිත එන්නත කලුබෝවිලෙන් විද ගෙන

colombotoday

“සුරක්ෂා” සිසු රක්ෂණය දුන් Allianz Insurance සමාගම කෝටි 30ක් නොදී කට්ටි පනී.

colombotoday

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

Admin