තමා ඝාතනය කිරීමට රෝ ඔත්තු සේවය කුමන්ත්‍රණය කරන්නේ යැයි ජනධිපතිවරයා පැවසූ බව කියන ප්‍රකාශය එජාපය විසින් ගොතන ලද්දක් බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා චෝදනා කරයි.
ජනාධිපතිවරයාට එරෙහිව රාජ්‍ය මට්ටමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පවසන හෙතෙම, නියෝජ්‍ය පොලිස්පති කාලකද සිල්වා පසුපස සිටින්නේ පොලිස්පතිවරයා බවත් ඔවුන් දෙදෙනා මෑතකදී කැළනි විහාරයට පාන්දර ගොස් පුජාවක්ද පැවැත්වූ බවද කියා සිටී.
පොලිස්පති පසුපස සිටින්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ සිටින බවත් පවසන මන්ත‍්‍රිවරයා මෙම කුමන්ත‍්‍රණය රාජ්‍ය මට්ටමේ කුමන්ත‍්‍රණයක් යයි සිතෙන බවද සදහන් කරයි.