Colombo Today Local NewsUncategorized

ජනපතිට , අගමැතිට , ඇමති මණ්ඩලයටම අධිකරණයෙන් නොතීසි

ranil chandrika mithreeජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුළු 75 දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02) නොතීසි නිකුත් කර තිබේ.

ඒ නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු සැපයීමේ ටෙන්ඩරය පිරිනැමීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බව සඳහන් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළවයි.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු සැපයීමේ ටෙන්ඩරය පිරිනැමීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බව සඳහන් කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණේ නෝබල් රිසෝසර්ස් පුද්ගලික සමාගමයි.

එම සමාගම තම පෙත්සමින් පෙන්වා දී ඇත්තේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් 01 ක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 90 ක් වශයෙන් ගල්අඟුරු සැපයීමේ අවම ටෙන්ඩරය ඉදිරිපත් කරනු ලැබුවේ තම සමාගම විසින් බවයි.

එසේ තිබියදී අදාළ ටෙන්ඩරය පිරිනමා ඇත්තේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් 01 ක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 101 ක් වශයෙන් ඉහළ ටෙන්ඩරයක් ඉදිරිපත් කළ ස්විස් සිංගප්පූර් සමාගමට බව පෙත්සම්කාර සමාගම පෙන්වා දී ඇත.

තම සමාගමට පෙත්සම පිරිනමන මෙන් රජයේ තාක්ෂණ ඇගයීම් කමිටුව ද නිර්දේශ කර තිබූණ ද එම නිර්දේශය පසෙක ලා අමාත්‍ය මණ්ඩලය මගින් පත් කළ ටෙන්ඩර් කමිටුව වගඋත්තරකාර සමාගමට ටෙන්ඩරය ලබා දීමට පියවර ගත් බව ද පෙත්සම්කාර සමාගම මෙම පෙත්සමෙන් පෙන්වාදෙයි.

මේ තුළින් රජයේ ටෙන්ඩර් පටිපාටිය බරපතළ ලෙස උල්ලංඝණය වී ඇති බවත් ඒ තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවටත් තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කාර සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අගවිනිසුරු කේ.ශ්‍රී .පවන් මහතා ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම දෙසැම්බර් මස 15 වනදා විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලදී.

එමෙන්ම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුළු 75 දෙනෙකුට එදින ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පෙනී සිටින ලෙසටද  නොතීසි නිකුත් කර තිබේ.

මෙ අතර අද  සිට සති 03 ක් ඇතුළත විරෝධතා ඇත්නම් ගොනු කරන ලෙස ද වගඋත්තරකාර පාර්ශ්වයට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට එරෙහි ප්‍රතිවිරෝධතා ඇත්නම් සතියක් ඇතුළත ගොනු කරන ලෙස නියම කර ඇත.

කෙසේ වෙතත් මෙම පෙත්සමට අදාළව කිසිදු අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් අදාළ ටෙන්ඩර් පිරිනැමීමෙන් රුපියල් බිලියන 2.2 ක වංචාවක් සිදුව ඇති බවටයි මෙහිදී චෝදනා එල්ල කර ඇත්තේ.

Related posts

මෙවර යල කන්නයේදී 80% ඉක්ම වූ වගා ඉලක්කයක්

colombotoday

දේශපාලන අර්බුධය හමුවේ රුපියල ඓතිහාසික වාර්තාවක් තබයි..

colombotoday

මෝටර් රථයක් පැහැරගෙන යාමට ආ සීසර්ලා රිමාන්ඩ්

colombotoday

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව වැඩ වර්ජනයක

Admin

අස්වැසුම අයැදුම්පත් භාරදීම අදින් අවසන්

Admin

පළමු ශ්‍රේණියේ පාසල් නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

colombotoday