Colombo Today Local News

ජනපතිගේ “බලු කජු“ කතාවෙන් ශ්‍රී ලංකන් කීර්තිනාමයට බරපතල හානි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කජු කතාවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කීර්ති නාමය සම්පුර්ණයෙන්ම නැතිවුණු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

රත්නායක මහතා මේ බව පැවැසුවේ ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත හා ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදයේදීය.

බිමල් රත්නායක මහතා එහිදී මෙසේද ප්‍රකාශ කර ඇත.

“කෑම බීම අඩුවක් රටපුරා කියාගෙන යන එක වැදගත්කමක් නොවෙයි. වැදගත් මනුස්සයෙක් කෑමක අඩුවක් මෙහෙම කතා කරන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ මේ කතාවෙන් පස්සේ ජනපතිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ජරා කජු දීලා කියලා ලෝකය පුරා මාධ්‍යවල ප්‍රචාරය වුණා. ඒ කතවෙන් ගුවන් සමාගමේ කීර්තිය නැති වුණා.”

Related posts

ඇමති දයා ලන්ඩනයේදී රනිල් හමුවෙයි

colombotoday

සූදු ක්‍රීඩාවේ යෙදුණු පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

ඥානසාර හිමිගේ පන්සලේ ධර්ම ශාලවක්වත් නෑ…

colombotoday

ආණ්ඩුව පෙරලන්න පිල් දෙකකින් මෙහෙයුමක්… පක්ෂ නායක රහස් හමුවක්… පිල් මාරුවකුත් සූදානම්

colombotoday

නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් යළිත් සීමා – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

colombotoday

දෙමටගොඩ රුවන් සහ සහෝදරයාගේ බිරිඳ සතුව තිබූ සුඛෝපභෝගී වාහන 4 ක් CID භාරයට

colombotoday