Colombo Today Local News

ජනපති ස්වාධීන වෙයි, ශ්‍රීලනිප මහ පුටුව මහාචාර්ය රෝ.ල. පියදාසට !

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව කටයුතු කරන නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මේ නිසා නොවැම්බර් 18 වැනිදා තෙක් පක්‍ෂ සභාපති තනතුරේ වැඩබැලීමේ කටයුතු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා වෙත පවරා තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ නායකයා සේම පොලීසිය භාර අමාත්‍යවරයා බවත්, එබැවින් ලංකා ඉතිහාසයේ පළමු වතාවට මැතිවරණ සමයකදී පක්‍ෂයේ වැඩ කටයුතු නවත්වමින් මැතිවරණය සර්ව සාධාරණව ඉටුකිරීමට හැකි වාතාවරණයක් සකස් කර තිබෙන බවත් මහලේකම්වරයා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නොවැම්බර් 18 වැනියින් පසු ශක්තිමත්ව ගොඩනගන බවත්, පක්‍ෂය පාවා දීමට කිසිදු අවස්ථාවක කටයුතු නොකරන අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගිවිසුම්ගත වීම සංවිධායකවරුන් ඉදිරියේදී සිදුකිරීමටත් කටයුතු කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

Related posts

ජනපතිට “වෙඩි තියනවා“ කියා ෆේස්බුකියේ ලියූ තරුණයෙක් රිමාන්ඩ් කරයි !

colombotoday

තවත් මුස්ලිම් දොස්තර කෙනෙක් ගැන බදුල්ලෙන් පැමිණිළි… සිසේරියන් සැත්කමෙන් පසු දරුවන් නෑ…

colombotoday

මහ මැතිවරණයට පෙර නාමල් අත්අඩංගුවට ගන්න සූදානම්?

Admin

බන්ධනාගාර රැඳවියන්ටත් කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දෙයි

colombotoday

ලැබූ විශිෂ්ඨ ජය සාමකාමිව භුක්ති විදින්න – උදය ගම්මන්පිල ඉල්ලා සිටියි

colombotoday

ශ්‍රී ලාංකික “දූ ශශීලා” බහුදින ධීවර යාත්‍රාව ඉරානයෙන් දුන් කෝටි 800ක හෙරොයින් සමග ඉන්දීය නාවික හමුදාව වටලයි

colombotoday