Colombo Today Local News

ජනපති ගෝඨාභයගේ ජයත් සමග කරලියට ආ නව යොවුන් යුවල ?

මේ පසුගිය දින දෙකෙහි සමාජ මාධ්‍යයන් හි වඩාත්ම කතාබහට ලක්වූ නව යොවුන් යුවලකගේ ජායාරුපයකි. එහි දැක්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුත් දමින්ද මනෝජ් රාජපක්ෂ සමග ඔහුගේ බිරිඳ සෙව්වන්දිය.


විදුලි ඉන්ජිනේරු සහ පරිඝණක විද්‍යා උපාධියක් (Double major in Electricial Engineering and coumputer Science fron duke University) සහ පද්ධති ඉන්ජිනේරු පශ්චාත් උපාධියක්ද ( Marster’s in Systems Engineering from University of Southern California) සහිත මනෝජ් රාජපක්ෂ මේවනවිට ඇමෙරිකාවේ නාසා  ආයතනයේ ( Jet Propulsion Laboratories හි සේවය කරයි.

ඔහුගේ බිරිඳ සෙව්වන්දි සෛල සහ අණුක ජීව විද්‍යාව පිළිබඳව උපාධියක් හදාරා ඇත. (Cell and Molecular Biology from Winona State University) 

තාත්තා ජනාධිපති වුවද කිසිඳු දේශපාලන කටයුත්තකට මැදිහත් නොවීමට මෙම යුවල දැනටමත් තීරණය කර ඇතැයි වාර්තාවේ.

ගෝඨාභය රාජපක්ෂ ලබන ජයග්‍රහණයත් සමග රාජපක්ෂ පවුල් බලය තීරණාත්මක ලෙස වෙනස් විය හැකි බවට  දේශපාලන විචාරකයෝ විචාරකයින් මිට ඉහතදී පුරෝකථනය කර තිබිණ.

Related posts

රණවිරු දරුවන් 1800කට පාසල් දොර වැසේ

colombotoday

මහ ඡන්දෙට මුද්‍රණ කටයුතු ඇරඹේ

Admin

“හොරා” කීවාට රවීගෙන් ගම්මන්පිලට නඩු

colombotoday

උද්ඝෝෂණ කරල ආණ්ඩුව පෙරළනවා බොරු….

colombotoday

සමහරුන් රටේ නායකය මැරෙන්නේ කවදාදැයි ඔහුගේ කේන්දරය ගෙන බලනවා… වෙන රටවලනං එහෙම නෑ

colombotoday

ඉන්දියාව – චීනය, ලංකාව මැදි කරගෙන යළි ගැටුමක

colombotoday