Colombo Today Local News

ජනපති එන සතියේ අවසන් තීරණය ගනී… පළමුව දෙදෙනෙකු එල්ලයි…

මත්ද්‍රව්‍ය වැරදිවලට අධිකරණයෙන් මරණීය දණ්ඩනය හිමිවූ දෙදෙනෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ගැන ලබන සතියේ ජනාධිපතිවරයා විසින් අවසන් තීරණය ගනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

රජයේ උපදෙස් පරිදි බන්ධනාගාර බලධරයන් දැනටමත් එල්ලුම්ගහට අවශ්‍ය මෙවලම් සපයා එය අලුත්වැඩියා කර තිබේ. ඉදිරි දෙසතිය තුළ අලුගෝසුවන්ද බඳවා ගනු ඇතැයි පැවසේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සතියේද රජයේ ඊට අදාළ වගකිවයුත්තන් කැඳවා එල්ලුම් ගහ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය.

අප වෙත ලැබෙන නවතම ආරංචිමාර්ග කියන්නේ බොහෝවිට අපරාධකරුවකු විෂයෙහි මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් පසුව ඒ ගැන නිල ප්‍රකාශය නිකුත් කිරීමටද ඉඩ ඇති බවයි. 

දේශය

Related posts

හුදෙකලා නොමැති ප්‍රදේශවල දහම් පාසල් ඇරඹෙයි

colombotoday

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් තවත් ගැසට් නිවේදනයක්

Admin

පාසල් පෙළ පොත් සහ නිල ඇදුම් ගැන නිවේදනයක්

Admin

ජාතික රෝහලේ සුළු සේවකයෝ විරෝධතාවයක

colombotoday

ඔමික්‍රොන් මැඬ පැවැත්වීමට ප්‍රතිදේහ හොදින් නිර්මාණය කරන එන්නත

colombotoday

දෙමළ ජාතික සන්ධාන ශිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රිට එරෙහිව වව්නියාවේ විරෝධයක්

colombotoday