Colombo Today Local News

ජනපති අවසන් වරට ජාතිය අමතන්න සූදානම්… වැඩි කැමැත්ත ගෝඨාභයටයි, අවසන් මොහොතේ සජිත් හමුවෙයි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලයේ අවසාන වතාවට ජාතිය ඇමතීමට සූදානමින් සිටී.

ජනාධිපතිවරයා විසින් සිය ප්‍රධානත්වයෙන් අවසාන කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත අතර 14 වැනිදා ඔහු සිය කාර්යය මණ්ඩලයෙන් සමු ගැනීමට නියමිතය.

ඒ වෙනුවෙන් වූ උත්සවයක් ද ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කර තිබේ.

ජනාධිපතිවරයා ජාතිය අැමතීම එළැඹෙන 13 වැනිදා රාත්‍රියේ සිදු කරනු ඇති බවද වාර්තාවේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට හිතවාදී පුවත් අඩවි වාර්තා කරන්නේ හෙට දිනයේදී ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බවය.

කෙසේ වෙතත් ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කරන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා 100%ක්ම තම සහයෝගය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලබා දීමට කටයුතු කර ඇති බවයි.

Related posts

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ අක්‍රමවත් ක්‍රියාකලාපය හරහා සිදුවෙන මුස්ලිම් ආක්‍රමණය

colombotoday

ආර්ථික වර්ධනයෙන් ලංකාවේ දකුණු ආසියාවේ හයවන තැනට..

colombotoday

අජිත් P පෙරේරා ජන්ද ගන්න තමන්ගේ ජාතකෙත් වෙනස් කරා – තෙවරප්පෙරුම

colombotoday

ඇමති ජී.එල් ස්වයං නිරෝධායනයට

colombotoday

පොහොර නොමති කමින් කුඹුරු අත් හැර දමන ගොවීන්

colombotoday

ජන අරගල ව්‍යාපාරයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

Admin