Colombo Today Local News

ඡන්දය දාන හැටි ෆේස්බුක් දැමූ 4ක් දැලේ…

තැපැල් ජන්දය සලකුණු කළ ආකාරය ජංගම දුරකතනයෙන් ජායාරුප සහ වීඩියෝගතකර මුහුණු පොතට දැමු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

තැපැල් ජන්ද ප්‍රකාශ කිරීමේදී මේ ආකාරයට නිතීවිරෝධී ලෙස කටයුතු කර ඇත්තේ කොළඹ ,මොනරාගල,රත්නපුර සහ වවුනියාව ප්‍රදේශයේ තැපැල් ජන්ද මධ්‍යස්ථාන හතරකදී බව දේශප්‍රිය මහතා කියයි.

අත්අඩංගුවට පත් පුද්ගලයන් මැතිවරණ නීතියට පටහැනිව අනියම් අන්දමින් කරන ලද බලපෑම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නීති ප්‍රතිපාදන යටතේ සහ පොලිසිය මගින් පරීක්ෂණ කරන බව ඒ මහතා පැවසීය.

මීට අමතරව තැපැල් ජන්දය භාවිතා කර එම ජන්ද පත්‍රිකාව ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කරන ලද බව කියන පාසල් ගුරුවරයකු හොරොව්පොතාන අධ්‍යාපන කලාප කාර්යාලයේ ජන්ද මධ්‍යස්ථානයේදි අත් අඩංගුවට ගත් බව කැබිතිගොල්ලැව පොලිසිය කියයි.

Related posts

තුර්කියට ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් 300ක් පිටත්ව යාමට සූදානම්

Admin

රොෂාන් අයියා තණමල්විලට මාව ඇදගෙන ගියේ ගහලා. – දීප්තට පණ පොවන දනුක ඩිල්ෂාන් කියන කතාව

colombotoday

අද මධ්‍යම රාත්‍රීයේ සිට විදෙස් රටවල් 6කින් එන මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම්

colombotoday

අශේන් පසුපස සී.අයි.ඩීය

Admin

ආණ්ඩුව බොරු කීම නීත්‍යානුකූල කළා

Admin

අගමැති රනිල් ඉල්ලා අස්වෙලා ?

colombotoday