Colombo Today Local News

ගෝඨාට ඡන්දය දෙන්න විදේශගත ශ්‍රී ලාංකිකයන් දෙලක්ෂයක් මව් බිමට !

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ අසූ දහසක් දිවයිනට පැමිණීමට එකඟත්වය පළකර ඇති බව මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ සම්බන්ධීකරණ කටයුතු කරන මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ ජනාධිපතිවරණයට පෙර ලක්ෂ දෙකක ලාංකිකයන් ගෙන්වා ගැනීම අපේක්ෂාව බවයි.

වැඩිම පිරිසක් මැදපෙරදිගින් පැමිණෙන අතර, ඉතාලිය හා ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, බ්‍රිතාන්‍යය ආදී රටවල රැකියාවල නියුතු හා පදිංචි ලාංකිකයන් මෙසේ පැමිණීමට එකඟත්වය පළකර ඇත. මැදපෙරදිගින් හා ඉතාලියෙන් වෙනම ගුවන් යානා වෙන් කරගෙන ශ්‍රී ලාංකිකයන් පැමිණීමට නියමිත බවද ජයසුමන මහතා පැවසීය.

Related posts

17 වැනිදා ගෝල්ෆේස් ආවේ ජනාධිපති මන්දිරයට වැටලීමටයි…

colombotoday

කුරුවිටින් ව්‍යාජ මුදල් නෝට්ටු 57ක් සොයා ගනී

colombotoday

බස්නාහිර සභාවේ අලුත් පිවිසුම් දොරේ ඇස්තමේන්තුව වටිනාකම ලක්ෂ 72යි… ලක්ෂ 83ක් වියදම් කරලා….

colombotoday

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඉල්ලීමක්

colombotoday

2015-2018 යහපාලන වංචා දූෂණ හොයන්න ජනපතිගෙන් කොමිසමක්…

colombotoday

පරිසර ඇමතිගේ මල්ලි පරිසරය වනසන තීන්දුවක..

colombotoday