Colombo Today Local News

ගෝඨාගේ පුරවැසි අහෝසිය ගැන ඇමරිකානු තානාපති කාර්යාලයෙන් සහතිකයක්… සියළු චෝදනා හාන්සියි !

යම් පුද්ගලයෙකු එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරීමෙන් පසුව ඔහුගේ හෝ ඇයගේ නම එරට ෆෙඩරල් ලේඛනය වෙත පැමිණීමට මාස කිහිපයක් ගතවනු ඇති බව එක්සත් ජනපදය පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභයා රාජපක්ෂ මහතා විසින් සිය ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීම පිළිබඳ වාද විවාද ඇතිවී තිබෙන පසුබිමක, එක්සත් ජනපද තානාපති කාර්යාලය කියා සිටියේ යමෙකු පුරවැසිභාවය අත්හැරීමෙන් පසුව එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ නමක් එරට ෆෙඩරල් ලේඛනය වෙත පැමිණීමට මාස කිහිපයක් ගතවනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකුගෙන් විමසූ විට, “යම් පුද්ගලයෙකු සිය පුරවැසිභාවය අත්හැරීමෙන් පසු එම පුද්ගලයාගේ නම එක්සත් ජනපද ෆෙඩරල් ලේඛනයේ සඳහන් වීමට මාස කිහිපයක් ගතවීමට පුළුවන්.” යනුවෙන් පවසා සිටියේය.

මෙහිදී, එක්සත් ජනපද පුද්ගලිකත්වය සම්බන්ධ නීතියට ගරු කරන්නෙකු ලෙස තමාට එක් එක් තනි පුද්ගලයන්ගේ වීසා හෝ පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ada

Related posts

ජැකලීන් ෆර්නැන්ඩස්ට මුදල් විශුද්ධිකරණ චෝදනා

colombotoday

අපි ඉල්ලන දේ නොලැබුනොත් ඒක දේව කැමැත්ත කියලා හිතමු

Admin

යාපනේ තවත් ඉඩම් කොටසකින් හමුදාව ඉවත් වෙයි

colombotoday

අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව 20 සංශෝධනයට විරුද්ද වේ.. තදබල නිවේදනයක්

colombotoday

ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්

Admin

IMF දෙවන වාරිකය ගන්න නව ගිවිසුමකට යෑමට සිදුවේවි – ආර්ථික අර්බුද සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාව

Admin