Colombo Today Local News

ගෝඨාගේ තීන්දුවට එරෙහිව තේනුවර හා වියන්ගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයට

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ රීට් පෙත්සම ප්‍රතික්‍ෂේප කරමින් අභියාචනාධිකරණය ‍ලබාදී තිබෙන තීන්දුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කිරීමට කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සාමාජික, ලේඛක ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් තීරණය කර තිබේ.

මෙම පෙත්සම ප්‍රතික්‍ෂේප කිරීමට හේතු වූ කරුණු හෙට (07දා) දින අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ පසුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව චන්ද්‍රගුප්ත තේනුවර මහතා පැවසීය.

අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීරණයක් අභියෝගයට ලක්කිරීමට දින 42ක කාලයක් තිබෙන බවත්, එම අවස්ථාව යොදාගැනීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

පෙත්සම ප්‍රතික්‍ෂේප කිරීමට හේතු අද (07දා) දිනයේදී දැනුම්දෙන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබෙන බැවින් එම කරුණු අධ්‍යයනය කර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමේ වැඩපිළිවෙළ සකස් කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Related posts

ඉන්දීය විදේශ ඇමති මුදල් ඇමති බැසිල් අතර සාකච්ඡාවක්

colombotoday

කොරෝනා ආසාදිතයන් ගණන 309 දක්වා ඉහළට

colombotoday

ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොවිඩ් මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කරයි

colombotoday

නව අධිකරණ ශාලා 100ක් ඉදි කිරීමට සැලසුම්

colombotoday

“හරිම කනගාටුයි. රන්ජන් ට ලැබිලා තියෙන්නේ අර්ධ නිදහසක්.” – විපක්ෂ නායක සජිත්ගෙන් ප්‍රකාශයක්

colombotoday

රටේ ජාතික ගීය එකක් විය යුතුයි. නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණයි

colombotoday