Colombo Today Local News

ගෝඨා දරුණු නෑ, බයවෙන්න දෙයක් නෑ – බැසිල්

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගනු ලැබුවේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා මිස තමන් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පවසා සිටියේ කොළඹ, කිංග්ස්බරි හෝටලයේදී අද (08දා) උදෑසන පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා දරුණු මිනිසෙකු නොවන බවත්,  එබැවින් කිසිවෙකු ඔහුට බියවිය යුතු නොමැති බවත් බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර, ප්‍රතිපත්තියක් හඳුනා ගැනීමට නොහැකිව ආණ්ඩුව අභ්‍යන්තරයේම ආණ්ඩුව පිළිබඳ අරගලයක් හට ගෙන ඇතැයි ඒ මහතා සඳහන් කර සිටියේය.

එළැඹෙන 11 වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීම නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික මහා සම්මේලනය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

Related posts

චීනයට ගිය අගමැති චීන එක්සිම් බැංකුවේ සභාපති හමුවෙයි !

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

Admin

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදු සම්බාහන මධ්‍යස්ථාන 05ක් වටලයි

colombotoday

මහ බැංකු අධිපතිවරුන්ට අසුභ ආරංචියක්

Admin

රට රැකියා දෙනවා කියා මුදල් ගැරූ දෙදෙනෙකුට වැඩ වරදී

colombotoday

අපි කළ හොඳ වැඩ නිසා ප්‍රා.සභා ඡන්දෙත් දිනනවා

Admin