Colombo Today Local News

ගුවන්තොටුපළට නොමිලේ නව බස් රථ සේවයක්

කටුනායක ගුවන් තොටුපළ වෙත විදේශ ගත වීම සදහා බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන්ට, ගුවන් තොටුපළ දුම්රිය ස්ථානයේ සිට නොමිලේ ක්‍රියාත්මක වන නව බස් රථ සේවාවක් (30) දින සවස ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය

මෙම නව බස් රථ සේවාව සදහා වායුසමනය කළ බස් රථ 02ක් , දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක වන ආකාරයට සේවයේ යොදවා තිබේ .

මීට පෙර අවස්ථාවවල බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන්, තම ගමන් මලු රැගෙන, මෙම දුර පා ගමනින්, අව් වැසි මැද දුෂ්කර ගමනක යෙදුණු අතර, මෙසේ අපහසුතාවට පත් වි සිටි ගුවන් මගීන් ත්‍රිරෝද රථ සහ කුලි  රථ රියැදුරන් විසින් විශාල මුදල් අයකර ගුවන් තොටුපළ වෙත රැගෙන යෑම ද සිදු කළහ.

මේ තත්ත්වය ජනාධිපතිතුමා වෙත වාර්තා වීමෙන් පසුව ,  එතුමාගේ නිර්දේශ මත  මෙම නව බස් රථ සේවාව ආරම්භ වී තිබේ.

Related posts

‘‘දේවගැති ජෙරොම් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගන්න එපා‘‘

Admin

යුද විරෝදී NGO වැඩ ගැන මහින්ද කියද්දී ඩිලාන්ගේ ඇහැට කදුළු ඇවිත්

colombotoday

උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද ශිවාජිලිංගම්ට !

colombotoday

GSP+ ගන්න රටට අනතුරුදායක කොන්දේසි 58කට රජය එකග වෙයි !

colombotoday

අලුත් ව්‍යස්ථාවෙන් රට ෆෙඩරල්.. ආණ්ඩුවේ අරමුණ දැන් පැහැදිළියි

colombotoday

“විල්පත්තු කැලේ කපන ඇමතිලාට නැති නීතියක් භික්ෂූන් වහන්සේලාට ක්‍රියාත්මකයි” – විමල්

colombotoday