World

ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ඝනිස්තානයේ ළමුන් ඇතුළු 12ක් මරුට

ඇෆ්ඝනිස්තානයේ ටඛාර් ප්‍රාන්තයේ ආගමික පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් ඇතුළුව 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ.

ප්‍රාන්ත බලධාරීන් පැවසුවේ හසාරා කර්ලුක් නම් ගම්මානයේ පිහිටි මද්‍රාසා පාසලකට එල්ල වූ එම ප්‍රහාරයෙන් ළමුන් 11 දෙනෙකු සහ ආගමික ප්‍රධානියෙක් මියගොස් ඇති බවය.

නමුත් එම චෝදනාව ඇෆ්ඝනිස්තාන රජය ප්‍රතික්ෂේප කළේය. ඔවුන් පවසන්නේ තලිබාන් සටන්කරුවන් 12 දෙනෙකු මියගොස් ඇති බවය.

එම ප්‍රදේශයේ සිදු කළ ප්‍රහාරයකින් හමුදා සාමාජිකයින් 30 දෙනෙකු පසුගියදා මියගිය අතර එම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊට පිළිතුරක් ලෙස බව විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

ස්පාඤ්ඤ ආසාදිත 40,000 සීමාවට – මරණ 2,600 පනී

colombotoday

එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් කොවිඩ් එන්නතක්

colombotoday

බ්‍රසීලයේ අනතුරකින් ජීවිත 25ක් අහිමි වෙයි

Admin

ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත ලබාදීම අරඹයි

colombotoday

ශල්‍යකර්මවලදී භාවිත කරන්න වැලි කැටයක ප්‍රමාණයේ කැමරාවක්

Admin

කොවිඩ් ආසාදිතව සුවය ලැබූවන්ට එන්නතේ එක මාත්‍රාවක් ප්‍රමාණවත්

colombotoday