Colombo Today Local News

ගුවන්, නාවික හමුදාපතිලාටත් ෆීල්ඩ් මාර්ෂල් තනතුර දෙන ආරංචිය ගැන ෆොන්සේකාගේ අදහස…

දකින දකින පුද්ගලයින්ට ෆීල්ඩ් මාර්ෂල් ධූරය ලබා දීම විහිලුවට කරුණක් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ, කැලණිය ප්‍රදේශයේ පාසලක පැවති ක්‍රීඩා උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

මෙහිදී සරත් ෆොන්සේකා මහතා අවධාරණය කළේ, අනෙකුත් රටවල්වල ෆීල්ඩ් මාර්ෂල් තනතුරු ගුවන් සහ නාවික හමුදාපතිවරුන්ට ලබා දී නොමැති බව ය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා – පා.ම.

“සුදුස්සෝ ඉන්නවා නම් දුන්නාට කමක් නැහැ. මගේ තනතුර බාල කරන්න දකින දකින මිනිහාට ඒක දෙනවා නම් විහිලුවක් වෙයි. ගුවන් හමුදාව කියන්නේ ප්‍රහාරක ගුවන් යානා 8ක් එක්ක යුද්ධයට ගියපු හමුදාවක්. ඉන්දියානු ගුවන් හමුදාව ගත්තොත් ප්‍රහාරක ගුවන් යානා 3000 ක් තියෙනවා. ඊශ්‍රායල ගුවන් හමුදාව ගත්තොත් ප්‍රහාරක ගුවන් යානා 5000ක් තියෙනවා. ඒ වුණත් ඒගොල්ලොවත් ඒ නිලයට හමුදාපතිවරයෙක් පත් කරන්නේ නැහැ. අපේ නාවික හමුදාවට තියෙන්නේ වෙරළ සංචාරය කරන යාත්‍රා දෙකක් පමණයි. ඉන්දියාවේ තියනවා ප්‍රහාරක ගුවන් යානා ගෙනියන්න පුළුවන් නෞකා 2ක්. ඊශ්‍රායලයේත් තියෙනවා. අමෙරිකාවේ එහෙමත් තියෙනවා ඒ වගේ ප්‍රහාරක යානා ගෙනියන්න පුළුවන් නැව් 20ක් විතර. ඒත් අමෙරිකාවෙවත් ඒ තනතුර දෙන්නේ නැහැ නාවික හමුදාපතිවරයෙකුට. අපිට බොට්ටු ටිකක් එකතු කර ගෙන ඒ තනතුරුවලට අදින්න පුළුවන් නම් එහෙනම් මං හිතන්නේ ඉස්සෙල්ලාම ප්‍රභාකරන්ට දෙන්න ඕනේ. ප්‍රභාකරන්නට ඔය හැම එකම තිබුණානේ. ”

https://www.facebook.com/NewsfirstSL/videos/1680985332002556/

Related posts

පි.බි.ජයසුන්දරගෙන් උපදෙස් ගැනීම ජනපතිගේ විනාශයට මුලක්

colombotoday

ප්‍රතිපත්ති පොලි අනුපාත ගැන මහ බැංකුවෙන් තීරණයක්

colombotoday

මෙගා පොලිස්ට කණ කොකා හඩයි.. ඉහළම තැනකින් කැපිල්ලක්.. චම්පික ඉල්ලා අස්වෙන්න යයි !

colombotoday

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ටඅධිකරණය දැන් දුන් නියෝගය

Admin

“ඡන්දයෙන් බැරිනම්, නැවතත් උණ්ඩයෙන්“ – සම්බන්ධන් අනතුරු අගවයි

colombotoday

ලංකාවට ෆෙඩරල් එක්‌සත් ජාතීහු නිර්දේශ කරති

colombotoday