Colombo Today Local News

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී කළ පොලිස් සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයන් 61ක් අත්අඩංගුවේ

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මුවදොර උයන නිවාස සංකීර්ණයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයන් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් නිලධාරීන් 518 දෙනෙක් ඊට එක්ව ඇති අතර පරීක්‍ෂා කර ඇති නිවාස සංඛ්‍යාව 870 ක්. එහිදී හෙරොයින් ග‍්‍රෑම් 39 ක්, ගංජා ග‍්‍රෑම් 85 ක් හා මත්පෙති 07 ක් සොයාගත් බවයි පොලීසිය පවසයි.

බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකෙරුණි.

මේ අතර ජංගම දුරකතන හරහා මුදල් හුවමාරු කිරීමේ ක‍්‍රමයට හෙරොයින් ජාවාරම සිදුකල තවත් පුද්ගලයින් 14 දෙනෙකු වේයන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී හෙරොයින් ග‍්‍රෑම් 5 ක් සොයාගත් බවයි පොලීසිය පවසයි.

Related posts

“උතුරු-නැගෙනහිරත් තර්ජණයට ලක්වෙලා… ආරක්ෂාව තරකර දෙන්න” – TNA ඉල්ලයි

colombotoday

හොර පාරෙන් ගෙනා ‍සන්නිවේදන උපකරණ සමඟ තිදෙනෙක් කටුනායකදී අල්ලයි

Admin

පළාත් කිහිපයකට අදත් වැසි

colombotoday

රූපවාහිනියට සභාපතිලා දෙදෙනෙක් ! – මංගලගේ අලුත් පත්කිරීමට ජනපති හරහට හිටී…

colombotoday

මාදිවෙල නිවාස වෙනුවට පන්නිපිටිය වියත්පුර ව්‍යාපෘතින් මන්ත්‍රීවරුන්ට නිවාස

colombotoday

ජපානයේ භුමිකම්පවලින් ශ්‍රී ලාංකිකයින් 200 කට අසන්න පිරිසකට බලපෑම්

colombotoday