Colombo Today Local News

ගංවතුර බැස යද්දී විග්නේෂ්වරන් එළි බහී… යුද අපරාධ අධිකරණයට විදෙස් විනිසුරන් ඉල්ලයි… හමුදාවට උතුරෙන් යන්නලු…

දේශපාලන අර්බුදයට අධිකරණය සාධාරණ තීන්දුවක් ලබාදුන් පමණින් යුද අපරාධ පිළිබද සාධාරණ තීන්දුවක් අපේක්ෂා කළ නොහැකි නිසා එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ විදේශීය විනිසුරුවරුන් ඉදිරියේ යුද අපරාධ පිළිබද විමර්ශනයක් කළ යුතු බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පැවසීය‍.
 

අතුරුදන් වූවන්ගේ පවුල් වලට සාධාරණත්වය ඉටුකරන්නේ නම් විදේශීය විනිසුරුවරුන්ගේ සහභාගීත්වයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බවද විග්නේෂ්වරන් මහතා පැවසීය.

ගංවතුරෙන් ආපදාවට ලක්වූවන්ට සහන බෙදා දීමේ වැඩසටහනක් තමිල් මක්කල් කූට්ටනි පක්ෂයේ නායක සී.වී.විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(29) කිලිනොච්චියේදී පැවති අතර සහන බෙදාදීමෙන් අනතුරුව ජනතාව හමුවේ අදහස් පලකරමින් විග්නේෂ්වරන් මහතා මේ අදහස් පලකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විග්නේෂ්වරන් මහතා මෙසේද කීය.

හමුදාව තවදුරටත් උතුරේ සිටිය හොත් ජනතාවගේ දුප්පත්කම තම වාසියට යොදා ගන්නා තත්වයක් ඇතිවිය හැකි නිසාම හමුදාව මේ පළාතෙන් ඉවත් විය යුතුයි කියල මම බලකර සිටියා.මිනිසුන්ව අමු අමුවේ මරා දැමූ හමුදාව අද ජනතාවට උපකාර කරන්නට ඉදිරිපත් වී සිටිනවා.

Related posts

බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල් – පෙර – පිරිවෙන් වසා දැමේ

colombotoday

වයින් ස්ටෝර්ස් හා බීර වර්ග අලෙවි ස්ථාන විවෘත කිරීමට අවසර..

colombotoday

මෝටර් රථ දෙපාර්තමේන්තුවත් වැසේ

colombotoday

කලුගල වනයක මද්දකට හසුව සිටි දිවියෙකු බේරා ගනී

colombotoday

අතුරුදහන් ධීවරයන් දෙදෙනකුගේ සිරුරු ගොඩ ගසයි…මරදන්කේනි ධීවරයින් විරෝධතාවක

colombotoday

මුලතිව් ගුවන් හමුදා කඳවුර ගැනත් තීරණයක්

Admin