Colombo Today Local News

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසීය.

කොළඹ නගරයේ පොදු ස්ථාන, හෝටල් සහ ආපනශාලාවලට ඇතුළු වීමේ දී මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත් හෝටල් කාර්ය මණ්ඩලය හා සේවකයන්ට මුඛ ආවරණ පළඳින ලෙසත් දන්වා සිටී.

කොළඹ වසංගත රෝග ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර  මහතා නිවේදනයක් නිකුත් කරමින් රෝගය වළක්වාගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සඳහන් කරයි.  එම නිවේදනයේ මෙසේද දැක්වේ.

නව කොරෝනා වෛරසය එක් පුද්ගලයකුගෙන් තවත් අයෙකුට පැතිරීමේ හැකියාව ඇත. චීනයෙන් වෙනත් රටවලට පැතිරුණු ආකාරයටම මෙම රෝගය ලංකාවටද පැතිරීමේ අවදානමක් ඇති බැවින් එවැන්නක් වළක්වාගැනීම සඳහා මජහන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ඇත.

ශ්‍රී ලංකාවට ඇතුළු වන තොටුපළවල ඒ සඳහා අවශ්‍ය පෙර සූදානම් ක්‍රියාත්මක කර ඇත. ඒ අතර:

  • ලංකාවට පැමිණෙන ගුවන් මගීන් මෙම රෝගය පිළිබඳව ගුවනේදීම දැනුවත් කරන අතර යමෙකුට රෝග ලක්ෂණ එනම්, අධික උණ, කැස්ස, සෙම් ප්‍රතිශ්‍යාව සහ හුස්ම ගැනීමේ අපහසුතාව තිබේ නම්, ගුවන් තොටුපළේ සෞඛ්‍ය අංශයට වාර්තා කරන ලෙසට උපදෙස් ලබා දෙනු ලැබේ.
  • ගුවන් තොටුපළේ සෞඛ්‍ය අංශය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.
  • ලංකාවට පැමිණෙන මගීන් අතර උණ සහිත රෝගීන් සිටීදැයි නිරීක්ෂණය කිරීම සඳහා ස්කෑනර් යන්ත්‍ර ස්ථාපනය කර ඇත.
  • ස්වසන රෝග ලක්ෂණ සහිත මගියකු ගුවන් තොටුපළ සෞඛ්‍ය අංශයට වාර්තා වුවහොත් ඔවුන්ට නව කොරෝනා වෛරස රෝගය තිබේදැයි සැක කළ හැකිද යන්න පරීක්ෂා කරනු ඇත.
  • එවැනි අවධානමක් තිබේ නම් ඔවුන් රෝහල් ගතකර අවශ්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාදෙනු ඇත.

ගත යුතු ක්‍රියාමාර්ග –

  • ජනාකීර්ණ තැන්වල ගැවසීමෙන් වළකින්න.
  • අත් නිතර සබන් යොදා සේදීම සහ ඇල්කොහොල් සහිත පිරිසිදු කාරක යොදා පිරිසිදු කරන්න.
  • කහින විට හෝ කිවිසුම් යනවිට අතේ වැළමිට ප්‍ර දේශය පාවිච්චි කර මුඛය හා නාසය ආවරණය කරගන්න. නැතිනම් ටිෂූ පාවිච්චි කර ඒවා ආරක්ෂිතව අපහරණය කරන්න.
  • උණ සහ කැස්ස සහිත අය සමීපව ආශ්‍රය කිරීමෙන් වළකින්න.
  • ඔබ නව කොරෝනා වෛරස් රෝගය සහිත පළාතක සිට පැමිණි පසු උණ සහ කැස්ස වැළඳේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න.

Related posts

ඇමතිලා බේරිලා ජනතාව බිල්ලට දුන්නා – සර්වාගමික නායකයන්ගෙන් ප්‍රබල චෝදනාවක්…

colombotoday

ඥානසාර හිමි නිදහස් කරන්න – බුද්ධ ශාසන ඇමැතිත් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

මහින්ද සමරසිංහගේ ශ්‍රීනිප සාමාජිකත්වය ද කළුතර දිස්ත්‍රික් සංවිධායක ධුරයද අහෝසි කරයි

colombotoday

කෙහෙලියගේ විශ්වාසභංගය විවාදයට ජනපති දින තුනක් දෙයි

Admin

විස්සයි විස්ස පන්දු යවන්නන් අතර වනිඳු තවත් ඉදිරියට

colombotoday

යාලට එන අයට ගිමන් නිවන තැනක්

Admin