Colombo Today Local News

කොරෝනා සුව වූ පළමු ‍නාවික පුද්ගලයා අයිඩීඑච් රෝහලින් පිටව යයි.

2020 අප්‍රේල් මස 25 වන දින කොවිඩ් – 19 ආසාධිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා පුද්ගලයා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා 2020 මැයි 03 වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

‍මෙම නාවික පුද්ගලයා 2020 අප්‍රේල් මස 22 වන දින සිට නිවාඩු මත සිටියදී 2020 අප්‍රේල් මස 25 වන දින රත්නපුර රෝහල වෙත ඇතුලත් කර පීසීආර් පරීක්‍ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසු කොඩිව් – 19 ආසාධනය වී ඇති බව හදුනා ගෙන ඇත. පසුව ඔහු ප්‍රථිකාර සඳහා එදිනම අයිඩීඑච් රෝහල වෙත යොමු කරන ලද අතර, අයිඩීඑච් රෝහලේ ප්‍රථිකාර ලබා දීමේදී වරින් වර සිදු කල පීසීආර් පරීක්‍ෂණ තුනක (03) ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් ඔහුගේ සිරුර තුල නොමැති බව තහවුරු වීම නිසා 2020 මැයි මස 03 වන දින  රෝහලින් පිටත් කර හැරීමට කටයුතු කර ඇත.

අදාල නාවික පුද්ගලයා රෝහලින් පිටත්ව ගියද සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, ඔහුගේ පවුලේ සමාජිකයින්ද මේ වන විට බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර සිටී.

Related posts

රාජිත රැකගන්න රවී පෙරමුණ ගනී !

colombotoday

ලෝක අභියෝග ජය ගත හැකි රණවිරුවෙක් නිර්මාණය කරනවා

Admin

කොටි ‘මහවිරු‘ සැමරුම දා උතුරේ ශෝක දිනයක් ! වව්නියා කදවුරේ සංගීතයත් නවතී..

colombotoday

හමුදා ප්‍රධානීන් FCID කැඳවීම ගැන මම දැනගත්තෙත් මාධ්‍යයෙන්. ඒ ගැන කණගාටුයි.

colombotoday

පොලිසියෙන් හිරිහැර.. අතුරුදන් වූ හේතුව අම්පිටියේ හිමි හෙලිකරයි (Video)

colombotoday

මන්ත්‍රීලා එකෙක් දෙන්නෙක් මිය යා හැකියි….

colombotoday