මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් – 19 වෛරසය ආසාදිත සංචාරක මඟ පෙන්වන්නා සම්පූර්ණයෙන් සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගිය බව ආරංචි මාර්ග පවසයි.
ඔහු සුවය ලැබිමෙන් පසු තවත් දින දෙකක් වෛද්‍ය නිරීක්ෂණය සඳහා රෝහලේ රඳවාගෙන සිට ඇති බව වාර්තා වෙයි.
මෙලෙස ශ්‍රී ලංකාව තුළදීම ආසාදිතයෙකු හමුවුණේ චීනයේ වූහාන්හි වෛරස ව්‍යාප්තියෙන් දින 71කට පසුවයි.
ඔහු ඉතාලි බස කතාකරන මාර්ගෝපදේශකයෙක්.
ඒ අනුව ඔහු අද(23) දිනය දක්වා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් පසු විය.