විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි තිදෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.
ඉන් එක් අයෙක් කටාර් සිට පැමිණ ඇති අතර අනෙක් දෙදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ මාලදිවයිනේ සිට පැමිණ ඇත.
ඒ අනුව මේ දක්වා මෙරටදී තහවුරු වී ඇති කොවිඩ් -19 ආසාදිතයින් ගණන 3,327කි.
සුවය ලැබූ රෝගීන් ගණන 3,142ක් වන අතර මේ වනවිට කොරෝනා ආසාදිතයින් 172 දෙනෙක් රෝහල්ගතව සිටී.