මේ දක්වා අද දිනයේදී මෙරටදී කොරෝනා ආසාදිතයින් 19 දෙනෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඉන් එක් අයෙක් අද (14)දින මිය ගිය කොරෝනා ආසාදිතයා ආශ්‍රය කළ පුද්ගලයෙකි.
එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 6 දෙනෙක්, කුවේට් සිට පැමිණි එක් අයෙක්, කටාර් සිට පැමිණි එක් අයෙක් , වියට්නාමයේ සිට පැමිණි එක් අයෙක් සහ බහරේන් සිට පැමිණි 4 දෙනෙක් ඒ අතර වේ.
එසේම, ඉන්දීය ජාතික නාවිකයින් 5 දෙනෙක්ට කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත.
මොවුන් සියලුදෙනා නිරෝධායනය වෙමින් සිටි අය වේ.