මඩකලපුව ශීක්ෂණ රෝහලේ කොරෝනා ප්රතිකාර අංශයක් ලෙස පරිවර්තනය කිරීමට විරුද්ධවු මඩකලපුව දිස්ත්රික්ක නිතිඥ සංගමය අද (12) වැඩ වර්ජනයක් දැනුවත් කීරීමේ අරගලයක් දියත් කරන ලදි.
අධිකරණ කටයුතු වර්ජනය කරමින් අධිකරණය ඉදිරිපිට “කොරොනා වෛරසය මඩකලපුවට එපා කොරනාවලට ඉලක්කය නැගෙනහිරද? මඩකලපුව සොහනක් නොකරනු” යනු පාඨ සදහන් පුවරු රැගෙන අරගලයේ යෙදුණී.