Colombo Today Local News

කොරියාවෙන් ආ 180ක් මඩකලපුව ශරියා නිරෝධායන මධ්‍යස්ථානයට

කොවිඩ් – 19 රෝගය ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීම වැළැක්වීම සඳහා කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණි පළමු කණ්ඩායම  වූ ගුවන්  මගීන් 181 ක් අද (10දා) උදෑසන මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත නීරෝධායන කටයුතු සඳහා යොමු කරනු ලැබීය.

අද අලුයම 3.33 ට දකුණු කොරියාවේ ඉන්චියොන් ගුවන් තොටුපළේ සිට පැමිණි කොරියානු ගුවන් සේවයට අයත් කේ.ඊ.- 473 දරන ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් 166 දෙනෙකු මේ සදහා ප්‍රධාන වශයෙන් යොමු කර තිබුණි.

මොවුන් අතරින් 164 ක් ශ්‍රී ලාංකික ගුවන් මගීන් වූ අතර , ඉතිරි දෙදෙනා කොරියානු ජාතිකයන් වෙයි.

මීට අමතරව තවත් ගුවන් යානා කීපයකින් ඉතාලියේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි ගුවන් මගීන් 15 දෙනෙකු ද මෙම පළමු නිරෝධායන කණ්ඩායමට එකතු කර තිබුණි. සේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි සියලුම ගුවන් මගීන් කොවිඩ් – 19 රෝග ආසාදිත ලක්ෂණ පෙන්නුම් නොකළ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරිවරයා සඳහන් කළේය.

මෙම පිරිස මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත රැගෙන යෑම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බස් රථ 05 ක් සපයා තිබූ අතර, මෙම කටයුතු ද එම අමාත්‍යාංශය විසින් සම්බන්ධීකරණය  කර තිබුණි.

ගුවන් මගීන් මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත රැගෙන යෑම සහ ඔවුන් එහිදී රැක බලා ගැනීම ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදු කරයි.

කටුනායක ගුවන් තොටුපළ වෙත දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන ගුවන් මගීන් 3/10 දින සිට මේ ආකාරයට උදෑසන 6.00 ටත් , යළි සවස 6.00 ටත් පිටත් වන  විශේෂ බස් රථ මගින් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත රැගෙන යෑමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.

ඒ අතරතුර කාළය තුළ   ටුනායක ගුවන් තොටුපළ වෙත ඉහත රටවලින් පැමිණෙන සියලුම  ගුවන් මගීන් , මෙම බස් රථ මඩකලපුව බලා  පිටත් වන තෙක් කටුනායක එයා පෝට් ගාඩ්න් හෝටලයේ රදවා තබන බවද කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය .

Related posts

සයින්දමරුදු නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි

colombotoday

ජනබලය කොළඹට ජනරැළිය කොළඹ ලේක් හවුස් වටරවුමේදී

colombotoday

මාර්තුවේ මැතිසබේ විසිරෙව්වොත් මන්ත්‍රීවරුන් 64 කට පැන්ෂන් නෑ

colombotoday

වහබ්වාදී උලමා සභාවේ බලහත්කාරය නවත්වන ක්‍රමය ඥානසාර හිමි කියති

colombotoday

සේවක හිඟයෙන් අදත් දුම්රිය ගමන් වාර 10ක් අවලංගු‍යි

Admin

තවත් ආසාදිතයින් 362ක්

colombotoday