Colombo Today Local NewsHot News

කොටි සැකකරුවන් ඇප මත නිදහස් කරන්න අගමැති තීරණය කළා – මනෝ ගනේෂන්

ltte presonerඑල්.ටී.ටී.ඊ සැකකරුවන් නීතිප්‍රකාරව ඇප මත නිදහස් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ තීරණය කළ බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. බීබීසී ලෝක සේවයට අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් පවසා තිබෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මේ බව තීරණය කර ඇති බවයි. සැකකාර එල්.ටී.ටී,ඊ රැදවියන්ට පොදු සමාවක් නොදීමට රජය තීරණය කර ඇති බවත් ඔහු පවසනවා. ඒ වෙනුවට නීති ප්‍රකාරව ඇප ලබා දිමටයි තිරණය කර තිබෙන්නේ.

කොටි සිරකරුවන් 223 දෙනෙක් තමාට නිදහස ලබා දන ලෙස ඉල්ලා පසුගිය දිනවල උපවාසයක නිරත වූ අතර ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වූ පරිදි දෙමළ දේශපාලන සිරකරුවන් සියළු දෙනා වහාම නිදහස් කළ යුතු බවද ද්‍රවිඩ ජාතික සන්ධානය ද රජයට අවධාරණය කර තිබුණා.

නමුත් කිසිදු බන්ධනාගාරයක දේශපාලන සිරකරුවන් රදවා නොමැති බව රජය ප්‍රකාශ කළ අතර උපවාසයේ යෙදුනු දෙමළ සිරකරුවන් ත්‍රස්තවාදී සැකකරුවන් බවත්, ඔවුන්ගේ නායකයන්ට නිදහස ලබා දී තිබිය දී ඔවුන් ගැන ක්‍රියාමාර්ගයක් නොගැනීම ඔවුන්ට සිදුවූ අසාධාරනයක් ලෙස තමන් පිළිගන්නා බවත් රජය ප්‍රකාශ කළ බව බීබීසී ලෝක සේවය වාර්තා කර තිබෙනවා.

මෙසේ රදවා සිටින එල්.ටී.ටී.ඊ රැදවියන්ගෙන් බහුතරයක් ක්ල්මෝ බෝම්බ ප්‍රහාර, මරාගෙන මැරෙන ප්‍රහාර, ගුවන් යානාවලට එල්ල කළ ප්‍රහාර, ඇතුළු අතිශය භයානක ත්‍රස්තවාදී ක්‍රියා මෙහෙය වූ දරුණු ගනයේ අපරාධකරුවන් බවයි පැවසෙන්නෙ.  ඔවුන්ගෙන් වැඩි පිරිසක් තමන් එම අපරාධවලට සම්බන්ධ වූ බවට පාපොච්චාරණය කර තිබෙන බවද පැවසෙනවා.

Related posts

අන්තර් පළාත් බස් ධාවනය 20% කින් පහළට

colombotoday

ආණ්ඩු හදන්නෙත් පලවා හරින්නෙත් ජනතාව

Admin

පාර්ලිමේන්තු නිලධාරීන් ඉවත් කිරීමේ ආණ්ඩුවේ උත්සහයක්?

Admin

වෙබ් අඩවිවලට, සමාජ ජාලාවලට අගමැති අනතුරු අඟවයි !

colombotoday

අම්බලම්මුල්ල විහාරය ඉදිරිපිට මූලධර්මවාදී යාඥා මධ්‍යස්ථානයට එරෙහිව විරෝධතා

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 198ක් දක්වා ඉහළට

colombotoday