Colombo Today Local News

කොටි බුද්ධි අංශ ප්‍රධානී පොට්ටු අම්මාන් ජීවතුන් අතර, මඩකලපුවේ පොලිස් නිලධාරීන් ඝාතනය කොටින්ගේ වැඩක් – කරුණා අම්මාන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක.

අවසන් සටනේදී මරුමුවට පත්වු බවට ප්‍රචාරය වු දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ) සංවිධානයේ බුද්ධි අංශ ප්‍රධානි ෂම්මුගලිංගම් ශිවසංකර් නොහොත් ‍පොට්ටු අම්මාන් නෝර්වේ රාජ්‍යයේ මේ වනවිටත් සැඟවී සිටින බව විනයාගමුර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) පසුගිය සිකුරාදා රිවිර ඉරිදා සංග්‍රහයට විශේෂ හෙළිදරව්වක් කරමින් පැවසීය.

මඩකළපුව වවුනතිව් මාර්ග බාධකයේ සේවයේ නියුතුව සිටි ‍පොලිස් නිලධාරින් දෙදෙනාගේ ඝාතනයද එල්.ටී.ටී.ඊ යේ යළි පිබිදීමේ වැඩපිළිවෙළ ඔස්සේ හිටපු කොටි සාමාජිකයන්ගේ මැදිහත්වීමෙන් සිදුවන්නට ඇතැයි විශ්වාස කළ හැකි බව කරුණා අම්මාන් එම හෙළිදරව්ව කරමින් සඳහන් කළේය.

‍පොට්ටු අම්මාන් ඉතා රහසිගත අයුරින් නෝර්වේ රාජ්‍යයේ සැඟවී සිටිනවා. ඒ විතරක් නමෛයි පසුගිය යහපාලන ආණ්ඩුව රටේ ආරක්ෂක බුද්ධි අංශ අකර්මණ්‍ය කළා. හමුදාව හෑල්ලුවට ගත්තා. රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්වූයේ නැහැ. ඒ නිසා එල්.ටී.ටී.ඊ ය යළි නැගිටීම සිදුවෙනවා නම් අහන්නත් දෙයක්ද ? එල්.ටී.ටී.ඊ.ය මේ රටින් තුරන් කරන්න මමත් දායක වුණා යැයි කරුණා අම්මාන් පැවැසීය.

ෂම්මුගලිංගම් ශිවසංකර් නොහොත් කොටි බුද්ධි අංශ මහ මොළකරුව සිටි ‍පොට්ටු අම්මාන් 2009 මැයි 18 වැනිදා අවසන් සටනේදී පුදිකුඩිඉරිප්පු නන්දිකඩාල් ප්‍රදේශයේදීම මරුමුවට පත්වු බව කියැවිණි.

නමුත් ඔහු මරුමුවට පත් වූ බවට සාක්ෂියක් වශයෙන් මළ සිරුර හමු නොවීම සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ දිගුවෙමින් පවතින නොවිසඳුණු පැනයක් පවතියි.

කරුණා අම්මාන් රිවිර ඉරිදා සංග්‍රහය ඔස්සේ කරන මෙම ආන්දෝලාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් වගකිවයුත්තන් සොයා බැලීම වටින්නේ කලක් එල්.ටී.ටී.ඊ සංවිධානයේ සන්නද්ධ ප්‍රධානියා වූ කරුණා අම්මාන් කොටි සංවිධානයේ නායක වේළුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ මළ සිරුර පවා හඳුනා ගත් පුද්ගලයා නිසාය.

‍පොට්ටු අම්මාන් ජීවතුන් අතර සිටින බවට මෙයට පෙර විවිධ වාර්තා පළ වුවද එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයකු විසින්ම ‍පොට්ටු අම්මාන් ජීවතුන් අතර සිටින බවට මෙසේ හෙළිදරව් කරනු ලබන්නේ පළමු වතාවට වීමද විශේෂත්වයකි.

2009 වසරේදී යුද්ධය අවසන් වීමෙන් පසුව එල්.ටී.ටී.ඊ ය යළි පිබිදීමට උත්සාහ කළ අවස්ථා හතරක් පමණ වාර්තා වු අතර එම සියලු මෙහෙයුම් විදෙස් රටවල්වල සිට නොකඩවා මෙහෙයවා තිබූ බව ආරක්ෂක බුද්ධි අංශ සඳහන් කරයි.

රිවිර

Related posts

හම්බන්තොටදි කොල්ල කාලා තියෙන්නේ නැව්ද? වරාය හා ඉඩම්ද?

colombotoday

ශ්‍රීලනිප මහනුවර රැස්වීම උණුසුම්.. අමරවීරට එස්බීට විරෝධය.. දිමු කදුළු සලයි

colombotoday

මහ බැංකුව මාස හයකට ණය සහන ඉල්ලයි

colombotoday

හෙට තරගයේ ටිකට් සියල්ල විකිණී අවසන්.. දොරටුවෙන් ටිකට් නෑ

colombotoday

1990 ගැටී කතක් මරු දකී

colombotoday

“බැසිල් ශ්‍රීලනිපය දෙකඩ කරන්න හදනවා.. මහින්ද පැරදුනෙත් ඔහු නිසයි” ඇමති ඩිලාන් පෙරේරා

colombotoday