Colombo Today Local News

කොකේන් කිලෝ 729ක් හෙට විනාශ කරයි – අධීක්ෂණයට ජනපතිත් එයි

ආරක්ෂක අංශ මගින් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගන්නා ලද කොකේන් කිලෝ 729ක් හෙට (01) සපුගස්කන්ද පිහිටි රජයේ ගබඩා සංකීර්ණයකදී දිය කර විනාශ කෙරෙන බව ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි පවසයි.

මෙරටදී අත්අඩංගුවට ගන්නා ලද කොකේන් මත්ද්‍රව්‍ය මෙලෙස ප්‍රසිද්ධියේ විනාශ කෙරෙන්නේ දෙවන වතාවටය. ඉකුත් වසරේ ජනවාරි 23 දා කටුනායක වෙළෙඳ කලාපයේදී ප්‍රථම වරට කෙකේන් මත්ද්‍රව්‍ය මෙසේ ප්‍රසිද්ධියේ විනාශ කෙරුණි.

එක්සත් ජාතින්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශයෙන් කාර්මික දැනුම ලබාගෙන අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ රසායනාගාර සහාය ලබාගෙන රස පරීක්ෂක වෙත යොමු කර අන්තර් ජාතික ප්‍රමිතිය යටතේ මෙම මත්ද්‍රව්‍ය දිය කර විනාශ කරනු ලබන බව ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි පැවැසීය.

විදේශීය රටවල විෂ මත්ද්‍රව්‍ය විනාශ කෙරෙන්නේ ඉන්ධන දමා පිළිස්සීමෙන් වන අතර ලංකාවේ එසේ සිදුනොකර පරිසරහිතකාමී අයුරින් විනාශ කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව හෙට දහවල් 11.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා මහේස්ත්‍රාත්වරුන් කීපදෙනෙක් ඉදිරියේදී මෙකී මත්ද්‍රව්‍ය දිය කර පසුව පුත්තලම සිමෙන්ති කම්හල වෙත ගොස් දහනය කෙරේ.

Related posts

සිංගප්පූරු ගිවිසුමට එරෙහිව රතන හිමි සටනට

colombotoday

ශ්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබද ආඩම්බර වන අගමැතිගෙන් තුති

colombotoday

තවදුරටත් වැසි සහිත කාලගුණයක්

colombotoday

අකාර්යක්ෂම රාජ්‍ය ‌‌සේවය තම ධුර කාලය තුළදි අවසන් කරනවා – ජනපති

colombotoday

රනිල්ට කළගුණ සලකන්න – නිමල් ලංසා ජනතාවගෙන් ඉල්ලයි

Admin

ආණ්ඩුවේ අභ්‍යන්තරයට අභියෝග එල්ල කරන්නන් ගැන අභයාරාමයේදී පක්ෂ 8ක නායකයින් සාකච්ඡා

colombotoday