Colombo Today Local NewsCovid 19

කුරුණෑගලින් තවත් කොරෝනා ආසාදිතයින් 2ක්. යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුත් ඒ අතර

කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර සිටි රෝගීන් හය දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව අද තහවුරුවූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය.

මෙම පිරිස අතරට නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සහ යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුද අයත් බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටි නිවාඩු පැමිණ සිටියදී කොරෝනා වෛරසය ආසාදනයවූ වාරියපොළ බණ්ඩාර කොස්වත්තේ පදිංචි නාවික හමුදා සාමාජිකයා සමග වැලිසර සිට යතුරුපැදියකින් පැමිණි බව කියන වාරියපොළ කනත්තේවැව ප්‍රදේශයේ තවත් නාවික හමුදා සාමාජිකයකුද සිටින බව වාර්තා වී ඇතැයි වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.

මීට අමතරව බණ්ඩාරකොස්වත්ත නාවික හමුදා සාමාජිකයාගේ බිරිඳ සහ සය මසක් වයැසැති බිළිඳු දරුවාද සිටිති.

මෙම ආසාදිතයන් හය දෙනාද සමග අද දිනය වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් සංඛ්‍යාව 11 කි.

Related posts

සමාජ ජාලා අඩස්සිය තව දුරටත්…

colombotoday

බිම් මට්ටමේ ගැටුම් ඇතිවීමේ අවධානමක්

Admin

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

වරායේ තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් නිදහස් කර ගැනීමට ඩොලර් මිලියන 25ක්

colombotoday

ආර්ථිකය ගැන ජනපති කී ගණන් හිලව් හා මහබැංකු වාර්තා අතර පරස්පරයක්..

colombotoday

2023 සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ

Admin