7 April 2025
Colombo Today Local News

කැබිනට් සංශෝධනය සදුදා: ඇමතිවරුන්ට දැනුම් දෙයි (Breaking News)

කැබිනට් සංශෝධනය ලබන සදුදා (22දා) සිදු වන බවත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ට දැනුම්දී ඇති බවත් වාර්තාවේ.

 මේ සම්බන්ධයෙන් බුද්ධශාසන හා අධිකරණ කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා අදාළ කරුණ තහවුරු කර සිටියේය.

විදෙස්ගතව සිටින ඇමතිවරුන්ටද වහාම පැමිණෙන්නැයි දැනුම්දී ඇති බවද වාර්තාවේ.

මේ වන විට විදෙස්ගතව සිටින දයාසිරි ජයසේකර හා රාජිත සේනාරත්න යන ඇමතිවරුන්ටද මෙම පණිවිඩ ලැබී ඇති බව ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එළඹෙන සදුදා දිනයේ පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුවන අතර ප්‍රභල ඇමතිවරුන් වන රවී කරුණානායක, අර්ජුන රණතුංග, මංගල සමරවීර, දුමින්ද දිසානායක, ගයන්ත කරුණාතිලක, චන්දිම වීරක්කොඩි, විජිත් විජයමුණි සොයිසා වැනි අයගේ අමාත්‍යධුර සංශෝධනය වන බව ඉතා විශ්වාසකටයුතු මාර්ගයකින් අප වෙත වාර්තා වී තිබේ.

මේ අතර එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට නියෝජ්‍ය ඇමතිකම් හිමිවන බවද වාර්තාවේ. නලීන් බණ්ඩාර, බුද්ධික පතිරණ, මුජිබර් රහුමාන් යන අයට නියෝජ්‍ය ඇමතිකම් හිමිවීමට ඉඩ ඇතැයි වාර්තාවේ.

 

Related posts

විමල් වීරවංශ හිරේ දානවා… අනුර දිසානායක කියයි

colombotoday

කබ්රාල්ට තවදුරටත් රට ගමන් තහනම්

Admin

කොල්ලුපිටියේ නිවසක පුද්ගල මළසිරුරක්.

colombotoday

කතානායකගේ ආචාර්ය කොටස පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කරයි

Admin

අතුල් කේෂප් යයි, ඇලයිනා එයි !

colombotoday

“බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට යටවී ලොකු කුඩුකාරයන් නිදහස් කරන්නැ..”

Admin