අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය දිව්රුම්දීම හෙට (17) පස්වරුවේ හෝ අඟහරුවාදා (18) පෙරවරුවේ සිදුකිරීමට නියමිත බව අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද කැබිනට් මණ්ඩලයට පත් කෙරෙනු ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.
කෙසේ වුවත් තවදුරටත් “ජාතික ආණ්ඩුවක්” ක්‍රියාත්මක නොවන බැවින් කැබිනට් අමාත්‍යවරු සංඛ්‍යාව 30 කට සීමා කිරීමට නව ආණ්ඩුවට සිදු වේ.