Colombo Today Local News

කරන්නාගොඩගෙන් ඊයෙත් පැය හතර හමාරක් ප‍්‍රශ්න කරයි

දෙමළ තරුණයන් එකොළොස් දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවුක හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (13 වැනිදා) දෙවැනි දිනටත් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන ඇත.

ඊයේ පෙරවරු 9.30 ට පමණ කරන්නාගොඩ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර සවස 02.00 වන තුරු පැය 4 1/2ක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන තිබේ.

දෙමළ ජාතිකයන් එකොළොස් දෙනකු පැහැරගෙන යෑමට ආධාර අනුබල දීම, තොරතුරු වසන් කිරීම, සාක්ෂි විනාශ කිරීම, මිනීමැරීම ඇතුළු අපරාධ කීපයක් සම්බන්ධයෙන් අද්මිරාල් කරන්නාගොඩ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

නැවත සාක්‍ෂි විමසීම සඳහා මෙම මස 19 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ද දැනුම් දී තිබේ.

Related posts

කිලිනොච්චියේදී හමුදා නිලධාරීන්ට පහරදීම පෞද්ගලික ආරවුලක් !

colombotoday

අමෙරිකාවට ගිය බැසිල් පැමිණෙයි

colombotoday

ගෝඨාභය ගැන තවම තීරණයක් ගෙන නැහැ – මහින්ද

colombotoday

ලොකුගේ ගේ නිවසත් වටලයි

colombotoday

මධූෂ්ගේ අනියම් බිරිඳට අයත් වාහන දෙකක් STF භාරයට

colombotoday

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

Admin