Colombo Today Local News

කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගක් කළේ ය.

ලබන 11 වැනිදා පෙරවරු 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වසන්ත කරන්නාගොඩ මහතාට නියෝග කරනු ලැබුවේ ය.

මේ සම්බන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන වාර්තාව අනුව නීතිපතිවරයා විසින් සිය සේවා දායකයාට එරෙහිව අධිචෝදනා ගොනු කර මහාධිකරණය හමුවේ නඩු පැවරීමක් කළහොත් මහාධිකරණයෙන් නොතීසි ලද විටක පෙනී සිටීමට පොරොන්දුවන බවත්, අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත නොවන බවටත්, අධිකරණය හමුවේ පෙනී සිටින බවටත් පොරොන්දු වන බව පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ය.

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ සහ පී. පද්මන් සුරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

Related posts

කන්දකාඩුවලින් පැනගිය රැඳවියන් 232ක් පොලිස් භාරයට

colombotoday

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් සැප්තැම්බර් මාසයේදී

colombotoday

ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානය වූහාන් ගුවන්තොටට ගොඩබැස්වීමට ශ්‍රී ලංකා රජය අවසර ඉල්ලයි !

colombotoday

“දේශප්‍රේමී ජනතාවනි, IOC වර්ජනය කරමු“ – ඉන්දියානුකරණයට එරෙහිව තෙල් සේවකයෝ..

colombotoday

පිපිරීමෙන් කඳවුරට වෙච්ච විනාශය (PHOTOS)

colombotoday

නවම් පුර පසළොස්වක පොහොය අදයි

colombotoday