Colombo Today Local News

කතෝලික ආගමට එල්ල කල මිනීමැරුම් චෝදනා මම ඉවත්කර ගන්නේ නෑ – මංගල දැඩි ස්ථාවරයක

අගරදගුරු සහ කතෝලික ආගම සම්බන්දයෙන් තමන් විසින් කරන ලද ප‍්‍රකාශය සත්‍ය බවත් දැනටද තම ස්ථාවරය එය බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.

එම ප‍්‍රකාශය ඉල්ලා අස් කර ගන්නේදැයි මාධ්‍ය විසින් කල විමසීමේදී ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

කතෝලික සභාව විසින් අන්‍යාගමිකයන්ට එරෙහිව දියත් කරන ලද භීෂණය මානව හිමිකම් වල මූලාරම්භය බවත් තම ආගම පිළිනොගන්නා හා ප්‍රශ්න කළ පුද්ගලයන්ට කතෝලික සභාව විසින් දෙතිස් වද දී මරා දැමීමද අන්‍ය ආගම්වලට එරෙහිව ආධිපත්‍ය පැතිරවීමට කුරුස යුද්ධයක් ඇති කළ බවද ඇමතිවරයා පසුගියදා සිය ට්විටර් ගිණුම ඔස්සේ ප‍්‍රකාශ කලේය.

මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමන් විසින් පසුගියදා කරන ලද ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මෙසේ සදහන් කර තිබින.

Related posts

නිල ඇඳුම් වවුචර්ය ගැන අධ්‍යාපන ඇමතිගේ අලුත් තීරණය…

colombotoday

ජපන් භාෂාව පළමු වසරේ සිට පාසල් විෂය මාලාවට එක්වෙයි

Admin

ලෝකෙම ඉල්ලන ලංකාවේ මිනී පෙට්ටිය

colombotoday

“නව ව්‍යවස්ථාව රටට ඉතා හොදයි.. සම්මතකරගන්න අපේ සහය දෙනවා” – ජවිපෙ කියයි

colombotoday

එජාපෙ අපේක්ෂකයා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තෝරා ගැනිමට චම්පිකගේ විරෝධය

colombotoday

බැදුම්කර මගඩිය ගැන සාක්කි දෙන්න අර්ජුන්, ජනපති කොමිසමට එයි !

colombotoday