නීතිවිරෝධී ලෙස මන්නා, කැති ආදී තියුණු ආයුධ සහ හෝ වෙනත් පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින්නන් ඉදිරි පැය 48 ළඟම ඇති පොලීසියට බාරදෙන ලෙසට පොදු සමා කාලයක් ලබාදීමට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා තීරණය කර තිබේ.
එම කාලය තුළ එවැනි සියලුම තියුණු ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය පොලීසියට භාරදෙන පුද්ගලයන්ට සමාව හිමිවේ.
එහෙත් තවදුරටත් ඒවා ළගතබා ගෙන හසුවුවහොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද තීරණය කර තිබේ.