Colombo Today Local News

ඓතිහාසික පාෂාණ පබ්බත විහාරය කොටි අවතාර යටතට?

ay-3කලක්‌ කොටි ත්‍රස්‌තවාදීන්ගේ ත්‍රිකුණා මලය කොටි හඬ ගුවන්විදුලි සම්ප්‍රේෂණා ගාරය පවත්වාගෙන ගිය ඓතිහාසික පාෂාණ පබ්බත විහාරයේ අයිතිය ඉල්ලමින් නැගෙනහිර පළාත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු මහතාට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළහ.
පළාත් සභා මන්ත්‍රී ඡේ. ජනාර්නන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර ඔහු පවසා ඇත්තේ 1835 සිට මෙම ස්‌ථානයේ හින්දු කෝවිලක්‌ තිබූ බවයි.

කොටි හඩ ගුවන් විදුලිය පවත්වා ගෙන ගිය මෙම ස්ථානය පුරාතන සෙල් ලිපි 6 කින් සමන්විත බෞද්ධ සංස්කෘතියේ සන්දිස්ථානයක් වන බන පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුවෙන්ද සහතික කග ස්ථානයකි.අවුරුදු 30 ක් පුරාවට කොටි හඩ ගුවන් විදුලිය විකාශණය කල මෙම ස්ථානය යුද්ධය නිම විමත් සමග නැවත එම ස්ථානයේ පාශාන පබ්බත විහාරයට නැවත් ඉදි වුවුද එය දෙමල ජනතාවගේ කෝවිලක් පිහිටි ස්ථානයක් බවට පෙරලන්නට දෙමළ ජාතික සන්ධාන මංත්‍රී වරු මීට පෙරල උත්සහ දැරුවද එම විහාරාධිපති නමගේ මැදිහත් වීම මත එය භාධක මැද බෞද්ධ ඉතිහාසය රකින්නට හැකි වුනිද මෙවර නැවත කොටි හඩ බවට පරිවර්ථනය කරන්නට දෙමළ සන්ධාන මංත්‍රීන් උත්සහ දරමින් සිටින බවට වාර්ථා වෙයි.nim4-3

මේ අතර, නැගෙනහිර කල්අඩි හෙවත් පුණ්ණාඩිහි පිහිටි පාෂාණ පබ්බත විහාරය ක්‍රි.ව. 7ට එහා ගිය ඉතිහාසයක් ඇති බෞද්ධ පුදබිමක් මිස හින්දු කෝවිලක් තිබූ ස්ථානයක් නොවන බව එහි ඇති සෙල්ලිපිවලින්ද තහවුරු වන්නේ යැයි පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.

පාෂාණ පබ්බත විහාරයේ ඉපැරණි චෛත්‍ය සමතලා කර ඒ මත කොටි සංවිධානය තම ගුවන් විදුලි සම්ප්‍රේෂණ කුලුන ඉදිකර තිබූ බවත් ඒ අනුව නැගෙනහිර පළාත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු එම විහාරයේ අයිතිය ඉල්ලීම් තනිකරම නැති ප්‍රශ්න ඇති කිරීමේ අන්තවාදී ක්‍රියාවක් යැයිද මේධානන්ද හිමියෝ පෙන්වා දෙති.

“1835දී මෙහි හින්දු කෝවිලත් තිබූ බව එම මන්ත්‍රීවරු පෙන්වා දුන්නත් එය තනිකරම අසත්‍යයක්. ක්‍රි.ව 7ට පෙර මෙම විහාරය ගොඩනංවා ඇති බවට සාධක තිබෙනවා. මෙහි ඓතිහාසික සෙල්ලිපි 6ක් තිබෙනවා. යුද්ධයට පෙර මා එහි ගොස් එම සෙල්ලිපි පිටපත් කර ග්‍රන්ථයක් මුද්‍රණය කළ ක්‍රි.ව. 7දී මහාදාතික මහානාග රජතුමාගේ නියමයෙන් “සබය” නමැති ඇමැති විසින් මෙම විහාරය යළි ගොඩනංවා තිබෙන බව එහි ඇති පළමු සෙල්ලිපියේ සඳහන් වෙනවා. එසේම මහානාග රජතුමා ඇති කළ බැංකු දෙකක් පිළිබඳවත් එහි සඳහන්. සේරුවිල කුඹුරුවලින් ලැබෙන ආදායම බැංකුවේ තැන්පත් කර එහි ‍පොලිය පන්ස‍ලේ නඩත්තුවට යෙදවිය යුතු බව රජතුමා නියම කර තිබෙනවා. 6 වන සෙල්ලිපිය සටහන් කර තිබෙන්නේ මහසෙන් රජුගේ කාලයේදීය. ඓතිහාසික නටබුන් අදත් මෙම විහාර භූමියේ තිබෙනවා.

images-3කොටි ත්‍රස්තයන් එහි පුරාවස්තු වනසා චෛත්‍යය සමතලා කර කොටි හඩ සම්ප්‍රේෂණ කුලුන එහි ඉදිකළා. එහි වයර් ඇද තිබුණේ සෙල්ලිපිත් වැනසෙන ආකාරයටයි. ද්‍රවිඩ මන්ත්‍රීවරු මොන ඉල්ලීම් කළත් පාෂාණ පබ්බත විහාරයේ ඉතිහාසය මකා දමන්නට බැහැ. උතුරු නැගෙනහිර බොහෝ කෝවිල් ඉදිකර තිබෙන්නෙත් අපේ ඉපැරණි පන්සල් කඩා ඒ උඩ බව මෙම මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් පෙන්වා දිය හැකියි යැයිද මේධානන්ද හිමියෝ පැවැසූහ.

Related posts

“කොට ළමයා පියන් වෙන්න.. උස ළමයා සිකුරුටි දාන්න“ යහපාලන ඇමති රස්සා බෙදන හැටි හිටපු ජනපති ඇට් කර පෙන්නයි

colombotoday

කැලණිය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිට සහ ශිෂ්‍ය ක්‍රියාකාරියෙකුට ඇප

Admin

ප්‍රබල ඇමති සොයුරා සමග එක්වී ලංකාවේ කුළුබඩු කීර්ති නාමය වනසයි… ආණ්ඩුව අස්සයා පැනගිය පසු ඉස්තාලය වසා දමයි…

colombotoday

පළාත් දෙකකට ප්‍රධාන ලේකම්වරු පත් කරයි

Admin

හිරුණිකාත් රනිල්ට එරෙහි වෙයි..

colombotoday

නව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

colombotoday