Colombo Today Local News

ඒ කාලේ සෙල්ලං ගෝඨා සමග සල්ලං ! ආරක්ෂකයන්ගේ සිද්ධියට SB සමාව ගනී !

තම ආරක්ෂක භටයන් සහ තරුණයන් දෙදෙනෙකු අතර පෙරේදා (06) ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කනගාටු වන බවත්, මේ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියෙන් හා ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බවත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් සහ ගිනිගත්හේන ප්‍රදේශයේ තරුණයන් පිරිසක් අතර ඇතිවූ උණුසුම්කාරී සිද්ධියකදී ආරක්ෂයන් වෙඩි තැබීම හේතුවෙන් තරුණයෙන් දෙදෙනෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කෙරිණි.

අදාල සිද්ධිය පිළීබදව ගෝඨාභය රාජපක්ෂ මහතාද නිවේදනයක් නිකුත් කර තිබුණු අතර, සිද්ධිය පිළිබද සොයා බලා වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔහු අදාල අංශවලින් ඉල්ලීමක් කර තිබිණි.

ආරංචිමාර්ග පවසන පරිදි අදාල සිදුවීම පිළිබදව ගෝඨාභය රාජපක්ෂ මහතා එස්.බී. දිසානායක මහතා දැඩි ලෙස අවවාද කර ඇති අතර, වහාම සිය ආරක්ෂකයන් හා සමීප ආධාර කරුවන් හසුරුවා ගැනීමට කටයුතු කරන ලෙසත්, ඒ පිළිබදව වගකීම බාරගත යුතු බවත් දැඩිව අවධාරණය කර ඇත.

Related posts

පාස්කු ප්‍රහාරය ගැන ජනපති කමිටුවේ වාර්තාව හංගලා…

colombotoday

ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ඉන්දීය මාධ්‍යත් හෙළි කරයි: අයි.එෆ්.ඊ.එස්. වාර්තාවෙන් එජාපය හෙල්ලෙයි

colombotoday

සමාජ මාධ්‍යයෙන් සරත් වීරසේකරට ගැසූ මඩක් පත්තුවෙයි

colombotoday

ජනපති කොමිසම හමුවේ සාක්ෂි දුන් වෛද්‍යවරියකට තර්ජන

colombotoday

IMF ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු පෙන්වයි

Admin

තෙවරපෙරුම සැප්තැම්බර් 16 දක්වා රිමාන්ඩ්

colombotoday