Colombo Today Local News

එල්ලා මරා දැමීම ක්‍රියාත්මක කිරීම දෙසැම්බර් 9 දක්වා යලි අත්හිටුවයි

අධිකරණය විසින් මරණ දඬුවම ලබා දුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එම දඬුවම ක්‍රියාත්මක කරවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් මීට ඉහතදී පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගෝනු කර සිටි අතර එම පෙත්සම් සලකා බැලීම විනිසුරුවරුන් වන බුවෙනක අලුවිහාරේ, තුරෙයිරාජා, අමරසේකර යන මහත්වරුන් ඉදිරියේ අද (29) යලි කැඳවීය.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.කේ සුමන්තිරන් අභියාචනා ඉල්ලීම පිළිගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

ජනාධිපතිවරයාගේ මෙම බලතල පිළිබඳව ප්‍රශ්න කිරීමට අධිකරණයට විවස්ථාවෙන් ඉඩක් නොමැති බැවින් අභියාචනා ඉල්ලීම පිළිනොගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටි අතර නීතිඥ සංගමය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මෙම නඩුව ජනතා අවධානයට යොමු වී ඇති නඩුවක් බැවින් පුර්ණ විනිසුරු මඩුල්ලක් යටතේ විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයාගේ අවධානයට යොමු කරන ලෙස ඉල්ලා සිටියා.

කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල පෙත්සම නැවත සලකා බැලීම දෙසැම්බර් 9 දක්වා කල් තැබූ අතර එදින දක්වා එල්ලා මරා දැමීමේ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ග කර සිටි අතර මෙම පෙත්සම අගවිනිසුරුගේ අවධානය වෙනුවෙන් යොමු කරසිටියා.

Related posts

කොකේන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම

colombotoday

නාවික හමුදා මැරීන් බළකාය මන්නාරමෙන් ඉවත් කරන්නැයි NGO ලොක්කෙකුගෙන් දැඩි බලපෑම්

colombotoday

ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීම ගැන තීරණ ගැනීමේ බලය අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට

Admin

ඉන්දන පිරවුම්හල් අසල දිගු පෝලිම්. – හිඟයක් නැති බව ඇමති කියයි.

colombotoday

මුස්ලිම් ජාතිකයන්ට ජලගැලුම් නිම්නය වනසන්න දෙන්න විමලවීර දිසානායක මැදිහත් වෙයි. නිලධාරීන්ටත් බැන වදියි.

colombotoday

විග්නේෂ්වරන් පාර්ලිමේන්තුවේ දිවුරන්න පෙර කොටි මිනී වලක් ඉදිරියේ දිවුරයි

colombotoday